IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තක්සේරුවට කෝටි 11ක් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වරින් වර ගන්නා ලද තක්සේරු වාර්තා වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය තක්සේරු දෙපාර්තමේන්තුවට  රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු  පරිසර ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ  පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවටදැනුම් දුන්හ.

මේ අනුව මින් ඉඩම් 14ක් සඳහා රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් ගෙවීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්  එකඟවූ බව පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැවසුවේ අධිකාරියට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් හතළිස් දෙකක්  ආයෝජකයන්ට  බදු පදනම මත  දීමට තීරණයක් ගෙන ඇති බවයි.

එම ඉඩම් සඳහා තක්සේරු වාර්තා නොමැති බවත්  ආයෝජකයන්ට තොරතුරු දීම අප්‍රමාදව කළ යුතු හෙයින්  එක් ඉඩමක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් මුලින්දී ආයෝජකයා බදු වටිනාකමින් සියයට 25 ක් අධිකාරියේ තැන්පත් කළ පසු ඉතිරි කොටස ගෙවීමට   තීරණයක් ගෙන ඇති බවත්  ඔවුහු සඳහන් කළහ.

මෙම ගාස්තු ගෙවීම දිගු කාලයක් ප්‍රමාද වන්නේ නම් දෙපාර්ශ්වය අතර එකඟතාවයට පැමිණ ක්‍රියා කිරීමට කටයුතු කළ යුතු බව කාරක සභාව තීරණය කළේය.

පරිසර ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පසුගිය 8 වැනිදා රැස්විය.  මෙම තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අතර බදු වටිනාකම  එකවර අය  කර නොගෙන වාරික වශයෙන් ගෙවීම සඳහා  ආයෝජකයාට  අවස්ථාව දීමට  තීරණය කර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පිණිස කළමනාකරණ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අනුව බදු මුදලින් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව බදු ගිවිසුම් අත්සන් කර දේපළේ භුක්තිය ආයෝජකයාට බාරදීටත් ඉතිරි සියයට 75 ක මුදල  වසර දහයක් තුළ බදුකුලී වශයෙන් ගෙවා අවසන් කිරීමටත් අවස්ථාව සැලසෙන බව එම නිලධාරීහු සඳහන් කළහ.

පසුගිය වසර තුනක කාලය තුළ ආයෝජකයන් ඉදිරිපත් වී ඇත්තේ ඉඩම් දහයකට පමණක් බව පවසන එම නිලධාරීහු බදු වටිනාකම ඉතා අධික හෙයින් අධිකාරියේ ඉඩම් ගැනීමට ඔවුන් අකමැත්ත දක්වන බවද සඳහන් කරති.

බදු වටිනාකම දෙස බැලීමේදී ඊට සමාන මුදලකින් ප්‍රදේශයෙන් සින්නක්කර අයිතියට ඉඩම්  ගත හැකි බව ආයෝජකයන් ප්‍රකාශ කරන්නේ යැයිද  නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (0)

තක්සේරුවට කෝටි 11ක් පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site