IMG-LOGO

තාක්ෂණ උපදෙස් ආයතනය කඩා බඩු ඉස්සූ තුනක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනකු සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා ආයතනය බිඳ සොරාගත් භාණ්ඩවල මිල රුපියල් ලක්ෂ දාසයකට වඩා අධික වූවද එම භාණ්ඩ සියල්ලම රුපියල් හතලිස් පන්දහසක් වැනි සුළු මුදලකට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

සොරකම් කර සඟවා තිබියදී පොලීසිය සොයා ගත් භාණ්ඩ අතර පරිගණක 05, ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්, ඡායා පිටපත් යන්ත්‍ර 02, පරිගණක උපාංග, විදුලි උපකරණ, ෆැක්ස් යන්ත්‍රයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, මවුන්ටන් වර්ගයේ පාපැදියක් , පරිගණක යන්ත්‍ර ඇමුණුම් කිරීම සඳහා යොදා ගන්නා වයර් විශාල ප්‍රමාණයක් තිබූ බවත් පොලීසිය පැවසීය.

 



අදහස් (0)

තාක්ෂණ උපදෙස් ආයතනය කඩා බඩු ඉස්සූ තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 319 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 493 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site