IMG-LOGO

තේක්ක කඳන් සමග හතරක් මාට්ටු

(ජයරත්න වික්‍රමාරච්චි)

ප්‍රවාහණ බලපත්‍රයක් නැතිව තේක්ක දව කඳන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු එම දැව තොගය සහිත වෑන් රථය හා යතුරු පැදියක්ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම  වනාතවිල්ලුව ප්‍රදේශයට අයත්මයිලන්කුලම ප්‍රදීපාගම ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටියදී මෙම වැටළීම සිදුකර තිබේ.

මෙහිදී අත් අඩංගුවට ගත් දැව තොගයට දිගින් අඩි 4,5,6,7, ආදී ප්‍රමාණවල තේක්ක දැවකඳන් 48ක් අයත්ව තිබූ බවත්, සැකකරුවන් එම දැව තොගය ප්‍රදීපාගම ප්‍රදේශයේ සිට පුත්තලම මානාවේරිය ප්‍රදේශයේ දැව මඩුවකට රැගෙන යමින් තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී සඳහන් කළේය.

 



අදහස් (0)

තේක්ක කඳන් සමග හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 318 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 493 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site