IMG-LOGO

ණය හිමියන් සහ ණය ගැතියන් අතර උසස් ගනුදෙනුවක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රංශයේ පැරිස් නුවරදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමිනි.

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 

 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය. 

ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය සඳහා ජපානය සහ ඉන්දියාව යන රටවල් සමඟ සිදු කෙරුණු සාකච්ඡා ද, සංවර්ධන වැඩසටහන් සහ වාණිජ ඒකමිතියක් සඳහා එම රටවල් සහ චීනය ලබාදුන් සහාය පිළිබඳව ද සිහිපත් කළේය.

 දැනට පවත්නා අස්ථාවර භාවය තුරන් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු කඩිනම් කළයුතු බවත්, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

 ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍ය බවත්, එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බවත් අවධාරණය කර සිටියේය.



අදහස් (0)

ණය හිමියන් සහ ණය ගැතියන් අතර උසස් ගනුදෙනුවක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site