(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට පුද්ගලික ණය හිමියන් වන ලෝකයේ බලගතු ආයෝජකයන් සහ හෙජ් අරමුදල් දරන දැඩි ස්ථාවරය ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ලැබිය යුතු සහාය ප්‍රමාද කරවා ඇතැයි ලෝකය පුරා සිටින ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 182 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා පුළුල් ණය අවලංගු කිරීමක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය, මතුවෙමින් පවතින ගෝලීය ණය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සූදානම පරික්ෂා කරන අවස්ථාවක් වනු ඇති බවත් එම ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම "ද ගාර්ඩියන්" පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.
පුද්ගලික ණය හිමියන්, ශ්‍රී ලංකාවට ණය දීමේදී මතුවන අවදානම ආවරණය කිරීම සඳහා ඉහළ පොලියක් යටතේ වාරික අය කර ඇති බවත් එය ඔවුන්ට විශාල ලාභයක් උපයා දී ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම පවසා තිබේ.
2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමටද එය දායක වී ඇති බවත් ඉහළ පොලියක් සහිත වාරික හේතුවෙන් ලාභ ලැබූ පුද්ගලික ණය හිමියන් දැන් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 185 දෙනකුගෙන් යුත් කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘ණය හිමියන්ගේ දැඩි තීරණ සහාය ප්‍රමාද කරනවා‘‘
kamal Monday, 09 January 2023 02:22 PM
රටට දැරිය නොහැකි ඉහළ පොලියක් යටතේ ණය ගැනීමට තීරණය කළ මේ රටේ දේශපාලකයින් මීට වගකිව යුතුයි...