IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගන්න හදලා

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී  මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී   තියුණු ආයුධයක්    පෙන්වා     " කෑ ගහන්න එපා" යයි දැරියගේ මවට තර්ජනය කර   ඒ තුළ  සිටි   8   හැවිරිදි  පාසල් දැරියක් පැහැර  ගෙන කප්පම් ගැනීමට උත්සාහ දැරූ  පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක්    ඉකුත් 2 වෙනි   දින සිය දියණිය  පාසලෙන් රැගෙන දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි කර ඇය රියදුරු අසුනේ අසුන් ගන්නා අවස්ථාවේදී තම දියණිය සිටි පසුපස අසුනේ නාඳුනන  පුද්ගලයෙකු තියුණු ආයුධයක් අත දරා සිටි බවත් තම දියණිය පසෙකට තල්ලු කරමින් වාඩිවී "කෑගහන්න එපා" යනුවෙන් තර්ජනය කළ බවද  ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම අවස්ථාවේදී පැමිණිලිකාරිය වහා ක්‍රියාත්මක වී මෝටර් රථයෙන් බැස පිටුපස දොර ඇර තම දියණිය මෝටර් රථයෙන් පිටතට ගෙන  උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි නාඳුනන පුද්ගලයා එයින් බිමට බැස  පලා ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සැකකරු එදින මෝටර් රථයෙන් බැස මඳ දුරක් පලා ගොස් පැළඳගෙන සිටි කැප්තොප්පිය අතට ගෙන  කුරුඳුවත්ත 27 වෙනි පටු මගේදී කුලී යතුරුපැදියකට නැග කොලොන්නාව කරා ගොස් තිබූ බව පොලිසිය සීසීටී වී දර්ශනඅනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.

සැකකරු කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

සැකකරු පවසා ඇත්තේ තමා  අධික ලෙස ණය වී ඇති එබැවින් ඒවායි නිදහස් වීමට කප්පම් ගැනීම සඳහා මෙය සිදු කරන්න උත්සාහ කළ බවයි.

 

 

 



අදහස් (0)

ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 31 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 102 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 127 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා
2025 මැයි මස 08 31 0

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
2025 මැයි මස 08 486 3

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්


මළල ක්‍රීඩා පුහුණුකරු ගැටුම රෝහලෙන් නවතී
2025 මැයි මස 08 217 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1141 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 288 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1326 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site