(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආහාර තාක්ෂණයේ යෙදෙන්නන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත, ස්වේච්ඡාවෙන් පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය 2004 වර්ෂයේදී පිහිටුවා ඇති අතර, එම ආයතනය මේ වන විට ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබේ.
එම ආයතනය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීමට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සහ ආයතනයේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම සඳහා 2016-09-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024 -06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, එකී පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්