
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මෙි වන විට ධනාත්මක සහ සුබවාදී පසුබිමක් අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙි.
ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
චීන අග්‍රමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බව “බ්ලූම්බර්ග්” පුවත් සේවය වාර්තා කර තිබිණැයි ද ජනාධිපති කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්