IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය නොගෙවන්න ලංකාව‍ට 2028 තෙක් ඉඩ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමග කළ සාකච්ඡා අවසාන අදියරේ තිබෙන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේය

ජපානය ඇතුළු ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් චීනය ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම අවම කිරීමට උත්සාහ දරමින් සිටින බවද නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කළේය.

මෙරට ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට ණය හිමියන් කණ්ඩායම සමග සිදුකළ සාකච්ඡා අවසන් වී තිබෙන බවත් ඉදිරි සති කීපය තුළදී ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමට හැකිවනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිකෙයි නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
තව දුරටත් ණය කපහැරීමක් සිදු නොවනු ඇති බවත් ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමට වසර 15 ක කාලයක් ලැබෙනු ඇති බවත් සාගල රත්නායක මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.

ඒ අනුව 2028 සිට 2042 වසර දක්වා මෙරට ණය සියයට 2 ක පමණ නව පොලී අනුපාතිකයක් යටතේ ආපසු ගෙවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි රත්නායක මහතා එහිදී ප්‍රකාශ කළේය.
 



අදහස් (6)

ණය නොගෙවන්න ලංකාව‍ට 2028 තෙක් ඉඩ

sahan Monday, 08 April 2024 10:07 PM

ඔන්න අපේ හොරු ඊළඟ පරම්පරාවට දීපු දෑවැද්ද..!

:       0       0

chandima Monday, 08 April 2024 10:36 PM

රනිල් මාර නායකයෙක් නේද? රට ගොඩගන්න අඩිතාලම දාලා කියන්නේ... මේ ඒ අඩිතාලම වෙන්න ඇති.

:       0       0

chandima Monday, 08 April 2024 10:39 PM

සාගල මහත්තයෝ... මේ ණය නොගෙවා ඉන්න කාලෙට ඒ ණයට පොලිය එකතුවෙනවාද? නැද්ද?

:       0       0

Kumar Tuesday, 09 April 2024 04:40 AM

එම කාලය තුල පොලියට පොලි එකතු වෙන්නෙත් නැද්ද?

:       0       0

නන්දසේන Tuesday, 09 April 2024 06:32 AM

ඒ කියන්නේ 2028 සිට (තවත් අවුරුදු 4 කට පස්සේ නැවතත් දැඩි අහේනියක් ඇතිවෙනවා කියලාද මහත්තයෝ... එහෙම නම් ඊට ඉස්සර වෙලා (දැන් සිටම ) නිෂ්පාදනය වැඩිකර අපනයන ආදායම් වැඩිකරන්න ඕනැ. ඒ වගේම දැන් වගේ කනබොන දේවල් රටින්ම ගේන එක නවතා වගාකිරීම වේගවත් කරන්න ඕනෑ...

:       0       1

Perera Tuesday, 09 April 2024 01:55 PM

දැන් පොර ටෝක් දෙන්න ගනිවී ආර්ථිකේ දියුණු කළා කියලා

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site