IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට

(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුල මහික වීරරත්න)

ණය  ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙසේ න්‍යාය පුස්තකයට  ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව අතර පසුගිය ජුනි මස  26 වැනිදා එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන හා ආනයන බැංකුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධනය කිරීමේ ගිවිසුමයි.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී ලබන සතියේදී අනුමත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී මීට පෙර අනුමත කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු දැක්වීම හේතුවෙන් විවාදයට ගැනීම කල් ගියේය.

මෙම ගිවිසුම් දෙක ක්‍රියාත්මක කිරීම සඳහා සියලු අවසර මුදල් අමාත්‍යවරයාට ලබාදීම මෙම යෝජනා සම්මතයේ අරමුණයි.



අදහස් (3)

ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට

විජිත් Friday, 05 July 2024 07:23 PM

මේ ගිවිසුම් 2 ක කාටවත් පෙන්වන්න බැරිලු. මිනී ලේ ගෑවුණු අත් ඔසවාලා අනුමැතිය දෙන "දේශකාපාලු තිරිසනුන්" වත් මේ ගිවිසුම දැකලා නැහැ. දැකලාවත් නැති එහෙම ගිවිසුම් අනුමත කරන මේ ලෝකයේ ඉන්න එකම " තිරිසනුන්ටත් අන්ත සක්කිලි " මන්ත්‍රීලා ඇමැතිලා ඉන්න රට ශ්‍රී ලංකාවයි. ඔය ගිවිසුම් දෙකට අත් ඔසවාලා අනුමැතිය දෙන " තිරිසනුන් දන්නේ නැහැ ඒ උන් අනුමැතිය දෙන්නේ ඔවුන්ගේ "මළගම" ට බව !!! හෘද සාක්ෂියක් නැති මිනිහෙක් කියන්නේ නිකම්ම නිකම් මළමිනියක් පමණයි. රටේ ජනතාවගෙන් ඡන්දේ ලබාගෙන ඇමැතිකම් අරගෙන ජනතාවට වල කපන, ජනතාව පාවාදෙන අසික්කිත නරුමයිනේ... මේ නුඹලාගේ අවසාන පැය කිහිපයයි...

:       4       5

sujayaSaturday, 06 July 2024 11:39 AM

පෙන්වන්න බැරිවුණේ ISBs එකඟතාවයකට එනකන් විතරයි.

:       1       0

shanthaSaturday, 06 July 2024 06:37 PM

වැරදියි, ඒ ගිවිසුම් නොපෙන්වන්නට අපේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගිය සුමානේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ඒ ගිවිසුම ඉල්ලපු වෙලාවේ රනිල් දුන්නේ නැත්තේ, එහෙම නැතිනම් අනිවාර්යෙන්ම ඒවා පෙන්වනවා. ඒ සිද්ධිය නිසා තමයි හර්ෂ මුදල් කාරක සභාව නොකැඳවන්නට තීරනය කලේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site