IMG-LOGO

ණය ගත් රටවලට අත දෙන්න සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත සහාය වීම සඳහ වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සුදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත.

චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ පැවති දුරකතන සංවාදයකදී චීනය දැඩි ණය බරින් පීඩිත වී සිටින රටවල ණය අර්බුදය විසඳීම සඳහා ඵලදායි අයුරින් සහභාගී වීමට සුදානම් බවත් සියලුම පාර්ශ්ව ඒ සඳහා එක්ව ක්‍රියා කළ යුතු බවත් පවසා ඇත.එසේ ක්‍රියා කිරීමේදී සියලුම පාර්ශ්ව ණය බරින් පීඩිත වූ රටවලට ණය සහන ලබා දීමේ බර එක හා සමානව බෙදා ගත යුතු බව අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි රටවලට ණය ලබාදී ඇති ප්‍රධානතම ණය හිමියා වන චීනය ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කුමන පාර්ශ්වය පෙරමුණ ගත යුතු දැයි බහු පාර්ශ්වික බැංකු සමඟ සංවාදයක නියැලී සිටී.

එම දුරකතන සංවාදයේදී ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය බව ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය  චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතාට පවසා ඇත.



අදහස් (2)

ණය ගත් රටවලට අත දෙන්න සූදානම්

Bamunuarachchi Thursday, 02 March 2023 06:09 PM

කරන මගුලක් ඉක්මනට කරනවා. චීන්නුත් හරියට ජෙප්පන් වගෙයි...

:       3       17

de silva Thursday, 02 March 2023 07:45 PM

කරන දෙයක් ඉක්මණට කරන්න... නැතිනම් ජනතාව පෙළපාලියකින් හම්බන්තොටට ඇවිත් වරාය අත්පත්කරගෙන චීන්නු ටික එළවලා දමාවි... පෝර්ට් සිටියටත් මේ හා සමාන දෙයක් සිදුවේවි.. චින්නු එළවන්න ජනතාව පක්ෂපාට, ජාති භේද පැත්තකට දමා එකතු වේවි...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 355 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 220 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site