IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව

(ගයාන් සූරියආරච්චි සහ ශෂිකා අබේරත්න)

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර යේ ඩී.එස් සේනානායක පිළිරුව අබියසදී පැවැත්විණ.

මෙම අවස්ථාව සදහා ඩී.එස් සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති සහ  හිටපු කතා නායක කරු ජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, හිටපු අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් සපැමිණීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරණි.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව  බොරැල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුහු පිරිසක් ඩී.එස්. සේනානායක ගුණ සමරු ගීතය ගායනා කළහ.

අනතුරුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ කොළඹ නාගරික කොමසාරිස්වරිය වන භද්‍රානි ජයවර්ධන මහත්මිය ඩී.එස් සේනානායක පිළිරුවට මල්දම් පැළැදවීම සිදුකෙරිණි.

පසුව ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සදහා ඩී.එස් සේනානායක ගුණසමරු කමිටුවේ සභාපති සහ හිටපු කතා නායක කරු ජයසූරිය, ගුණසමරු කමිටුවේ ලේකම් ආචාර්ය අයි. දිසානායක, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඩී.එස්. සේනානායක පවුල් නියෝජනය කරමින් සුවිනීතා සේනානායක, පූජිත් සේනානායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් සහභාගිවූහ.

පසුව හිටපු කතා නායක කරු ජයසූරිය මහතා විසින් ස්තූති කතාව සිදුකරමින් කියා සිටියේ ඩී.එස් සේනානායක මහතාගේ දැක්ම වූයේ කෘෂි කාර්මාන්තයෙන් දියුණු රටක් ගොඩනැගීම බවත් පසුගිය කාලයේ මිරිස් කරලක් රුපියල් 15 ක් පමණ වූ බවත් ඩී.එස්. සේනානායකයන් ජීවතුන් අතර සිටියේ නම් හඬාවැටන බවත් කරු ජයසූරිය මහතා කීය.

එදා නිදහසින් පසුව ඩී.එස් සේනානායකයන් සියලුම ජාතීන් එකට එක්ව ලේ බිදක් හෝ නොහෙළා එකම පවුලක් ලෙස එකමුතුව ජීවත්වීමට සුදුසු වාතාවරණය ඇති කිරීමටත් ජාතිවාදී ප්‍රශ්න පැමිණිය හොත් එම රටට අනාගතයක් නොමැති බවත් එදා ඩී.එස්. සේනානායකයන් අවබෝධකරගත බව ද හිටපු කතානායකවරයා කීය.

මේවනවිට මේ රටේ ජාතික සමගිය ඇති කිරීමට අපොහොසත්වී ඇති බවත් දේශපාලන බලය ලබාගැනීම සදහා ජාතිවාදී ප්‍රශ්න ඇති කිරීම පසුගිය කාලයේ යාපනය ප්‍රදේශයේදී දක්නට ලැබුණු බවත් ජාතිවාදී අරගලයක් ඇතිවුව හොත් මේ රටට විනාශ මුඛයට යන බවත් කරු ජයසූරිය මහතා පැවැසීය.

මෙහිදී කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙළ විමලධම්ම නාහිමියන් සහ අශ්පර්ෂණීය ජාතික උපදේශක සභාවේ සභාපති ජනසන්නිවේදනය පිළිබද මහාචාර්ය කමල් වලේබොඩ මහතා අදහස් දැක්වූ අතර එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටිය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site