IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කළ ආයෝජකයන්ගෙන් සියයට 96 ක් සිය සුරැකුම් නව බිල්පත්වලට මාරු කිරීමට එකඟතාවය පළ කර අවසන් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.

ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබී අවසන් බව යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පුද්ගලික ණය හිමියන්ගෙන් මෙලෙස පුළුල් සහයෝගයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම වසර අවසාන වීමට ප්‍රථම අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් නමුත් ඊට පෙර එළැඹෙන 16 වැනිදා එය නිල වශයෙන් තහවුරු කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.

පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාමටද අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය.

ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික ණයද සාර්ථකව ප්‍රතිව්‍යුහගත කළ නමුත් එම ගිවිසුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළේය.

 



අදහස් (0)

ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 275 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site