(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආඩිගම සිපෙට්කෝ ඉන්ධනහලින් සිදුවූ අතපසුවීමක් නිසා පෙට්‍රල්වාහනවලට ඩීසලුත්, ඩිසල් වාහනවලට පෙට්‍රලුත් ලබා දීම නිසා එම ඉන්ධනහල අසල නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය කියයි.
යතුරු පැදි ත්‍රිරෝද රථ,ලොරි, මෝටර් රථ අතුළු වාහන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්ධන ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් වාහන අතර මග නැවති ඇතැයි වාර්තා වෙයි.
පෙට්‍රල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ තමන් ඉන්ධනහලින් ලබා ගත් පෙට්‍රල් ඩිසල් වලට සමාන බවයි.එසේම ඩිසල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ ද තමන්ට ලබා දී ඇත්තේ ඩිසල් නොවන බවත් එය පෙට්‍රල් වලට සමාන බවය.
කෙසේ වෙතත් ඉන්ධන හලින් ඉන්ධන ලබා ගත් සියලුම වාහන අතර මග නැවති යාමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුනී.
මේ පිළිබදව ඉන්ධන හලේ කළමණාකාරිත්වය පවසා සිටින්නේ මේ සම්බන්ධ තමන් වාහන හිමිකරුවන්ට වගකිව යුතු නමුත් මෙහි වරද කර ඇත්තේ ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරු හා සහයකයා බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩිසල් පෙට්‍රල් මාරුවේ අලි කලබලයක්
Indika Saturday, 28 May 2022 07:48 AM
අලි මදිවට කොටි... වාහන 3000 ක් කියන්නේ. මිනිස්සුන්ගේ කාලෙ, මුදල් අපරාදෙ?
පහත් තැනින් යයි ගලා ජලේ... Saturday, 28 May 2022 10:07 AM
පරික්‍ෂා නොකර තෙල් ගැහුවාට වගකියන්න ඕන පිරවුම්හල් කලමණාකාරීත්වය කියලා ඕන බබෙක් දන්නවා..