IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩලස්ට වගකීමක්

අජන්ත කුමාර අගලකඩ

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින් ,එම කටයුතු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සංධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර,ඒ සඳහා වන මූලික පියවරක් ලෙස මෙම සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දැනගන්නට තිබේ.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරනු ඇතැයි එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

 



අදහස් (4)

ඩලස්ට වගකීමක්

G. K. Ekanayake Sunday, 29 October 2023 12:43 AM

ඩලස්, හොරු ඉන්න පක්ෂ එක්ක මොන කතාද? ජා ජ බ එක්ක සන්ධානගත වුනොත් පමණයි ඔබට වාසියක් වෙන්නේ. මම මෙහෙම කියන්නේ ඔබ හොරෙක් නොවන නිසයි.

:       3       5

dasunpriya Sunday, 29 October 2023 08:47 AM

අපි නොදන්න ඩලස්... අවුරුදු ගාණක් රට කාලා ආයි එනවා මිනිස්සු රවට්ටන්න...

:       0       7

de silva berlin Sunday, 29 October 2023 03:17 PM

ඩලස් යනු රාජපක්ෂ සාමාජිකයෙක්, බොරු විරෝධයක් උඩින් පෙන්නුවාට කරන්න යන්නේ රාජපක්ෂ කොන්ත්‍රාත්තුවක් බව පේනවා.. මේ ගොල්ලන්ගේ මූලික පරමාර්ථය මොන ක්‍රමයකින් හෝ රාජපක්ෂලා ඇතුළු පිරිවර කලින් කළ හොරකම් තව අවුරුදු 5 කට කුමන ක්‍රමයකට හෝ බලයට පැමිණ යට ගසාගැනීම..., ආරක්ෂා සහිතම පියවර කලින් රාජපක්ෂලා සමග සිටිය හෝ දැනට සිටින කිසිම කෙනෙකුට ඡන්දය නොදීම, අනිත් කාරණය මෙවැනි පුද්ගලයන් පසුගිය අවුරුදු 15ක පමණ කාලයක් ඇමැතිකම් දරුවා, බලන්න අද රටට වෙලා තිබෙන විනාශය? අලුත් පක්ෂයකින් හෝ නැවත මේගොල්ලන්ම ගෙනාවා කියලා වෙනසක් සිදුවෙන්නේ නැහැ. රට පාලනයට අනිවාර්යයෙන්ම අලුත් මිනිස්සුන්ට ඉඩ දීලා මේගොල්ලන් ඉවත් වෙන්න ඕනේ... එසේ නොකරනවා නම් අපි මොවුන් බලෙන් ඉවත් කරන්න ඕනේ..!

:       1       5

sarath Monday, 30 October 2023 12:53 AM

පාර්ලිමේන්තුව ඇතුලෙ තම්න්ගෙ පිලේ චන්ද ටිකවත් නැති ඩලස්ට චන්දෙ දෙන්න අපේ මොලේ විකල්වෙලා නැහැ , ලංකාවෙ වෙන මිනිස්සු නැද්ද චන්දෙ දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site