IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩිල්ෂාන් මධුසංඛ සියයට 10ක දඩයක්

(යොහාන් භාසුර)

වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.

දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වලස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක පළමු මට්ටමේ වරදක් වන චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා දඩුවම පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.  



අදහස් (1)

ඩිල්ෂාන් මධුසංඛ සියයට 10ක දඩයක්

Lalla Wednesday, 17 July 2024 07:16 PM

හරි දෙමාපියන් නැති ජාතකේ හරි නැති අය ජාතික සංචිතයට ගන්න එපා කියන්නේ ඕකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site