IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩිල්ශාන්ගේ සහය සජිත්ට

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ක්‍රිකට්  කණඩායමේ හිටපු නායකයකුවන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඔහු සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු මෙලෙස සමගි ජන බලවේගය හා එක්විය.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඒ මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

මෙම අවස්ථාව සඳහා සමගි  ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහාය පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.



අදහස් (9)

ඩිල්ශාන්ගේ සහය සජිත්ට

මහසෙන් Wednesday, 14 August 2024 01:30 PM

එන්න..එන්න රට හදන්න.දෙන්න බලන්න් ඩ්ල්ස්කූප් එකක්

:       0       0

chamara Wednesday, 14 August 2024 02:33 PM

හැම ඡන්දෙකදිම දේශ පාලකයෝ ජනප්‍රිය ක්‍රීඩකයෝ, නළුනිළියෝ ඉස්සරහට දාලා මිනිස්සු රවට්ටලා බලේ ගන්නවා...!

:       0       34

Gunendra Wednesday, 14 August 2024 03:30 PM

මෙයා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නත් ගියා නේද? ඒ වගේම තරග පාවා දීම් වලටත් නම සඳහන් වුණා වගේ මතකයි.

:       3       24

සෙනෙවිරත්න Wednesday, 14 August 2024 03:54 PM

වෙන කොහේ යන්නද? මහින්ද ළඟ කැරකුණු අයට ඔය ගුබ්බෑයම හැර...

:       3       18

සෙනෙවිරත්න Wednesday, 14 August 2024 03:57 PM

එතුමා ගියා නම් මමත් යනවා...!

:       2       8

Nimal Wednesday, 14 August 2024 04:04 PM

ඔය හදන්නේ ඩිල්ස්කූප් එකක් ගහන්න වගේ වැඩක්... එක්කෝ හයයි. නැතිනම් දත් සෙට් එක ඉවරයි.

:       1       12

Kazi Shajahan Wednesday, 14 August 2024 04:07 PM

මොකද දැන් නාමල්ගේ සැර අඩුද? කෙනෙක් අමාරුවේ වැටුණාම ඔක්කොම අය දාලා යනවා. ඔන්න අපේ රටේ අද සමාජය... !

:       1       13

Ananda Wednesday, 14 August 2024 06:16 PM

ඩිල්ෂාන් ඔබ ගැන ලැජ්ජයි...!

:       0       9

Gamini Thursday, 15 August 2024 12:54 AM

බෝලයට පොල්ලෙන් ගැහුවා කියලා මෙයා පොරක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site