IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි

(සුජිත් හේවාජුලිගේ )
විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට  අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

ඩොලර් උපයාගත හැකි තවත් මාර්ග පිළිබඳව  අවධානය යොමු කැර ඇතැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන්  226 දෙනකු  බටහිර අප්‍රිකානු දේශයක් වන මාලි  රාජ්‍යයට පසුගියදා   පිටත්කර යැවූ බව සඳහන් කළ යුද හමුදාපතිවරයා  එමගින් ලොකු විදේශ විනිමයක්  උපයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද  පැවසුවේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තු දොළහකට අයත්  මෙම  226 දෙනාට නිලධාරීන් 18 දෙනෙක් සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයෝ 208 දෙනෙක් ඇතුළත් වූහ. සාමසාධක රාජකාරි සඳහා ඉදිරියේදී   තවත් රටවලින්  අවස්ථාව ලැබෙනු ඇතැයිද  හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙයට අමතරව   යුදහමුදාව නිෂ්පාදනය කරන විවිධ උපකරණ  විදේශයන්ට වැඩි වශයෙන්  විකුණා විදේශ විනිමය ඉපයීමටද අවධානය යොමුවී ඇත.



අදහස් (8)

ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි

Pradeep Kumara Saturday, 07 May 2022 11:11 AM

ශ්‍රී ලංකාව මේ දක්වාම විදෙස් ශ්‍රමිකයින් ලෙස දැක තිබුණේ ගෘහ සේවිකාවන් සහ කම්කරු වෘත්තිකයින් පමණයි. තම තමන්ගේ වෙහෙස මහන්සියෙන් වෙනත් වෘත්තීන් සොයාගෙන ඒවායෙහි නියැලෙන වෘත්තිකයින්ද නැතුවා නොවේ. නමුත් ඒ සඳහා රජයේ නිසිවැඩ පිළිවෙලක් නැත. හෙද හෙදියන්, ගුරුවරුන් සහ තොරතුරු තාක්ෂණ ශිල්පීන් සඳහා වැඩි ඉල්ලුමක් විදේශවල ඇති නමුත් අපි තවමත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකසා නැත. ඒ නිසා ඒ අවස්ථාව ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති අතර ඒ තුළින් ඔවුන් වාර්ෂිකව විශාල විදේශ විනිමයක් උපයා ගන්නවා.

:       2       79

කිරි පුතා Saturday, 07 May 2022 11:25 AM

මේ අවස්ථාවේ රට වෙනුවෙන් තම තමන්ට කරන්න පුළුවන් දේ කළ යුතුයි. වැඩවරලා දියුණු වෙච්චි රටක් නෑනේ... ඒ ක්‍රියාව තමයි අපේ බොහෝ දෙනාට පුරුදු...

:       18       65

sene Saturday, 07 May 2022 11:53 AM

දැන් කාබනික පොහොර බෙදා හදා අහවරයිද? ඔබ සිතන පරිදි සාම සාධක බලකායට යවනු බොරු...

:       33       25

KapSaturday, 07 May 2022 01:45 PM

ඇත්ත කතා කරනකොට ඩිස්ලයික් වැඩියි. කතාව ඇත්ත.. සාම සාධක හමුදා යැවීම සම්පූර්ණයෙන් නවතින්න පුළුවන්... අපේ සර්, නීතිය කඩන හැටියට එක්සත් ජාතින්ගේ සංගමය ගේම ඉල්ලුවොත්. අනික රටේ තත්වේ හැටියට හමුදා යවන්නේ... ඉතා දරුණු තැන්වලට නම් ඉඩ ලැබෙයි. අපේ යුද්ධය කරලා බේරුණු කොල්ලන්ට එහෙදි ජීවිත නැතිවෙයි...

:       5       17

Samantha Perera Saturday, 07 May 2022 01:34 PM

මාලි වලට අපේ හමුදාව යවන එක අද ඊයේ ඇතිවූවක් නොවේ. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වූවායින් පසු අපේ පොලිස් සහ ත්‍රිවිධ හමුදා වලට තිබූ අවස්ථාව නැතිව ගියා. හමුදා නිරීක්‍ෂකයින් ලෙස අපිට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතිවුණා.

:       4       22

sujeewa Saturday, 07 May 2022 01:48 PM

ඕනෑම රටක හමුදාව හැම විටම තම රට ජාතිය ගලවා ගැනීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කරන එකම වෘත්තිය වේ. 30 වසරක කුරීරු සාපය කිසිදින අත්විඳ නොමැති අඳ බාලයින් හමුදාවටද නිග්‍රහ කරමින් අද නන් දොඩවයි. හමුදා ඉදිරියේ හූ කීම, බහින් බස් වීම, යටඇඳුම් ප්‍රදර්ශනය කිරීම අද වනවිට වීරත්වයේ සංකේතය යයි මෙම අඳබාලයෝ සිතති. නිකමුන් රට හැදීමට මහමග වහසිබස් දොඩමින් කාලය හා ධනය කා දමද්දී රට ගැන සැබෑ කැක්කුමක් ඇති මිනිසුන් රට වෙනුවෙන් ඵලදායි ක්‍රියාවක් කිරීමේ මං හොයති... කලින් කී අඳබාලයින්ට අනුව මහමග රස්තියාදු නොවී ඵලදායී කාර්යයක නිරත වීමද නිවටකමකි. අපගේ හමුදාවට කලින් කී තිස් වසරකදී මෙන්ම ඉදිරියේදී තවත් වසර ගණනාවකට රට වෙනුවෙන් දිවි පුදන්නට ඉඩ සලසමින් ඇති බවට පැහැදිලි ‌පෙරමග නිමිති පෙනේ. එවන් අවස්ථාවක් කිසි දින උද්ගත නොවේවා..! යන්න ඒකායන ප්‍රාර්ථනය වුවත් නිකමට හෝ එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් අඳ මහ මග වීරයින් බෙහෙතකටවත් සොයාගත නොහැකි වනු ඇත. අද රට හදන්නට දිවි හිමියෙන් කැප වී ඇති බවට රඟපාන කිසිඳු වීරයෙක්ගේ ගිය මගක සලකුණක්ද සොයා ගත නොහැකි වනු ඇත. අපගේ හමුදාව සදා අගයමු.

:       8       13

menna Saturday, 07 May 2022 02:38 PM

ව්‍යාපාරයකින් විදේශ විනිමය උපයන්න පුළුවන් නම් හොඳයි. ඩොලර් සොයන වැඩේට හමුදාවත් අතගහයි කියන එකත් විහිළුවක්... නිෂ්පාදන වලින් විදේශ විනිමය හොයනක්‍රම පත්තරවල දැම්මොත් හොඳයි. ආසියාවේ හොඳම මුදල් ඇමති වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කිව්වා මතකයි. ලංකාවේ කෘෂිකර්මාන්තය කරන එක අපරාධයක් කියලා. දැන් කොහෙන් ගෙනැල්ලද දන්නේ නැහැ එතුමා කන්නේ? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ට මිලියන ගණන් වැටුප් ගෙවන ප්‍රසිද්ධ ගාර්ඩ් ව්‍යාපාරයක් තියෙනවා. ඒ වැටුප් ගැන කතා වුනේ ඩොලර් වලින්. ඒ ගෙවීම් කරන්නේ විදේශ වල තියෙන බැංකුවලටද?

:       2       5

sam Sunday, 08 May 2022 03:39 PM

ඇයි නරකද ඥාණක්කාව යොදාගෙන ලෝකයේ ඉන්න හරකුන්ට සාස්තර කියන්න පටන් ගත්තොත්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site