
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු පැවසුවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.