IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට

(රංජන් කස්තුරි)

ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතා කියයි. 

වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් සියයට 75ක පමණ ප්‍රමාණයක් ආනයනික භාන්ඩ හෙයින් ඩොලරයේ අගය අඩුවනවිට එම භාණ්ඩවල මිලද අනිවාර්යෙන්ම අඩුවිය යුතු බව ද  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

භාණ්ඩවල මිල අඩුකිරීම පිළිබඳව සොයා බැලීමට මුදල් අමත්‍යංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ දිනවල සමීක්ෂණයක් කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි. 

ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාරවර්ග,කෘෂි උපකරණ සහ පාසල් උපකරණ මිල ඉදිරියේදී අඩුවිය හැකි බව  ද රාජ්‍ය ඇමැති කීය.



අදහස් (7)

ඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට

Muthu Friday, 19 May 2023 02:34 PM

ඩොලර් එක අඩුවෙන එක කිසිකෙනෙක් ගණන් ගන්නෙ වත් නෑ. දැන් ඒක ආර්ථික සාධකයක් නොවෙන තරමට සමාජ බොරුවක් වෙලා. ළඟදීම, IMF කොන්දේසියක් එනවා, හිරකරගෙන ඉන්න අමුද්‍රව්‍ය ආනයන සීමා නිදහස් කරන්න. භාණ්ඩ වර්ග 700 ආනයන නවත්තලා. මේ කරන අනියමින් ඩොලර් රේට් හිරකරගෙන ජාත්‍යන්තර විවෘත්ත වෙළඳ පොලේ කටයුතු පවත්වාගෙන යන්න බෑ. මේක 100% ආර්ථික විකුර්තියක්... ලංකා ආර්ථිකේ තියෙන්නේ ඍන අගයක්... ඩොලර් උත්පාදන එක පියවරක්වත් තියලා නෑ...

:       7       25

චමින්ද Saturday, 20 May 2023 08:28 AM

සහතික ඇත්ත කුඩා තේවතු හිමියන්ට පසුගිය කාලයේ අමුදලු කිලෝවක් සඳහා රුපියල් 250ක් ඉක්මවා මුදල් ලැබුණා. ඒ නිසා දළුකැඩීම සඳහා කිලෝවකට රුපියල් පනහක් ගෙවීමට කටයුතු කළා... දැන් කාලයේ අමුදළු සඳහා ලැබෙන මුදල රුපියල් 180/=ක් පමණ වෙනවා... මාස තුනකට වරක්වත් පොහොර යෙදුවොත් දළු ගන්න පුළුවන්... නැත්නම් ඒකත් නැහැ. ඉතින් වගාකරුවන් වගාවට කැමැත්ත අඩුයි. ඒ කියන්නේ ඩොලර් ලැබීමට බාධාවෙනවා කියලා තමයි. මෙහෙම විදේශ විනිමය ගැන නොසලකා කටයුතු කළොත් 2022 කාලයටත් වඩා දරුණු ලෙසට ආර්ථිකය වැටෙන්න පුළුවන්...

:       0       0

ravin Friday, 19 May 2023 02:48 PM

පොදු ජනයාට වාසි වෙනවා නම් හොරු ටික තොලොංචි විය යුතුයි. නැතිනම් සියලුම වාසි හොරුන් විසින් ගිලදමනු ඇත.

:       3       17

prasanna Friday, 19 May 2023 03:38 PM

ලංකාවේ වැඩිම බලය තියෙන්නේ කළුකඩකාරයන්ට, කොරෝනා වසංගත කාලේ ඉඳලාම හිතු හිතූ මිලට විකුණනවා. නිකන් බයිලා නොගහ ඉන්න.

:       0       11

Nihal Friday, 19 May 2023 08:33 PM

ඩොලරය සීයට බැස්සත් වෙළෙන්දෝ කිසිම දෙයක් අඩු කරන්නේ නෑ..

:       0       0

periya Saturday, 20 May 2023 09:08 AM

අපේ දේශපාලකයෝ කරන බෙහෙත් ටිකත් හොරාකාපු කට්ටියක්... කවදාවත් මොවුන් ඉන්නකන් රටට අබ සරණයි. අපිට පේනවා බංග්ලාදේශයේ අවුරුදු 5කට පෙර තිබූ තැන සහ අද...

:       0       0

Kazi Shajahan Saturday, 20 May 2023 09:39 AM

කියනවා විතරයි, කරලා පෙන්වන්නකෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site