සමාජිය සහ ආර්ථික ගැටලු හමුවේ මෙරට කාන්තාවන්ට අත්‍යවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් සලසමින් ඔවුන්ට සවියක් වන මෙරට ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය වන යෙහෙළි යාවත්කාලීන කිරීමට ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අඛණ්ඩව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව Yeheli.lk මෙලෙස නවමු වෙනසකින් යුතුව යාවත්කාලීන කෙරෙන බව ඩයලොග් පරිශීලකයන් වෙත දැනුම් දෙයි.
මෙරට කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ගැටලු හමුවේ, ඔවුන්ට අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය රැකවරණය සැලසීමේ අරමුණින් ඩයලොග් විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. කාන්තාවන් මුහුණ පාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථාන තුළ සිදුවන මානසික පීඩා සේම, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අඩුවීම ආදිය වර්තමානයේ තීරණාත්මක සමාජීය ගැටලු බවට පත්ව තිබේ. එවැනි ගැටලු හමුවේ, මෙරට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අවකාශයක අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් මෙය දියත් කෙරිණි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය රැකවරණය සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවද මෙමගින් සපුරාලීම අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා නොමිලේ සහය සලසන මෙම අඩවිය වටා මේ වන විටත් 500,000 කට අධික පරිශීලක සංඛ්‍යාවක් එක්රොක් වී සිටිති. එලෙස එක් වන පරිශීලකයින්හට අපයෝජන, පුද්ගල සම්බන්ධතා ආශ්‍රිත ගැටලු, පවුල් සැලසුම් හා ලිංගික සෞඛ්‍යය ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙන්ම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් ගැටලු පවතින අවස්ථාවක, අන්තර්ජාලය ඔස්සේ විශේෂඥ සහය ලබා ගැනීම සඳහා සුරක්ෂිත අවකාශය මින් අඛණ්ඩව සලසයි.
මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කොට යළි දියත් කිරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.
“යෙහෙළි මෙරට කාන්තාවන්ගේ ජීවිත අලෝකමත් කිරීමට සංවේදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින්, ඒවා සම්බන්ධයෙන් මෙම සුරක්ෂිත වෙබ් අවකාශයෙන් නිසි මග පෙන්වීම් හා උපදෙස් ලබා දෙමින් අත්‍යවශ්‍ය සහය සලසනවා. අපි බරපතළ සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, මෙම වෙබ් අඩවිය මෙරට ආර්ථිකයට අත්වැලක් වීමට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කැප වන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව, වෙබ් අඩවිය මෙලෙස නැවත දියත් කිරීම, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයන් භාවිතා වන සමාජයක් බවට පත් කිරීමේ කිරීමේ අපගේ දැක්ම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක්.”
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩයලොග් යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි