IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩයලොග්, ‘මනුදම් මෙහෙවර’ දියත් කරයි

ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම, MAS හෝල්ඩින්ග්ස් Hemas හෝල්ඩින්ග්ස් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC ශ්‍රී ලංකා එක්ව කාලීන අවශ්‍යතාවක් සපුරාලමින් රට තුළ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවට හදිසි සහන සැලසීමේ ක්‍රියාන්විතයක් ලෙස ‘මනුදම් මෙහෙවර’ සහන වැඩසටහන දියත් කරන ලදී.

පීඩාවට ලක්ව සිටින ප්‍රජාවට ක්ෂණික ආධාර සැපයීමේ දැක්මට අනුව මෙහෙයවනු ලබන ‘මනුදම් මෙහෙවර’ ආයතනික හවුල සර්වෝදය ඇතුළු සම අදහස් සහිත හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගත් අතර එමඟින් දැඩි ලෙස පීඩාවට පත්වූ 100,000කට අධික පවුල් සංඛ්‍යාවකට, විශේෂයෙන්ම දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව හඳුනාගෙන හදිසි  සහන සැලසෙනු ඇත. 

ආයතනික හවුල්කරුවන්ගේ අනුකූලතා අවශ්‍යතා අනුව මූල්‍ය පාලනය හා වාර්තා කටයුතු අධීක්ෂණය කිරීම සඳහා PwC සමාගම මෙම මූලාරම්භයේ සහකරුවෙක් බවට පත්විය. මනුදම් මෙහෙවර 2022 අප්‍රේල් මස 10 වැනි දින මෙහෙයුම් සමාරම්භය සටහන් කළ අතර දිස්ත්‍රික්ක 25 පුරාම අවශ්‍යතා සහිත පවුල් සඳහා හදිසි අවශ්‍ය වියළි සලාක ඇසුරුම් බෙදාදෙනු ලබයි.

 මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. ‘රටපුරා අවශ්‍යතා සහිත පවුල් 100,000කට අධික සංඛ්‍යාවකට හදිසි සහන සැලසීමේ මෙම ප්‍රයත්නයට අප හා එක්වීම පිළිබඳ MAS, Hemas, අපගේ ව්‍යාපෘති ක්‍රියාත්මක සහකරු සර්වෝදය සහ විගණන සහකරු  MAS වෙත අප කෘතඥතාව පළ කර සිටිනවා. මිලියන 17කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වසනීය ඩිජිටල් සහකරු හා සමාජීය වගකීම් සහිත ආයතනික පුරවැසියකු ලෙස අපගේ දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රජාවට ඇති බලපෑම ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන්ම උපකාර අවැසිම මොහොතේදී වසර ගණනාවක් පුරා අප විසින් අඛණ්ඩව සිදුකර ඇති පරිදි ඉක්මන් පියවරක් ගත යුතු බව අප හඳුනාගෙන තිබෙනවා. අවශ්‍යතා සහිත ප්‍රජාවට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින පාර්ශ්ව මෙම ප්‍රයත්නයට අප හා එක්වන ලෙස ශ්‍රී ලංකාවේ ආයතනවලට ආරාධනා කර සිටිනවා.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

ඩයලොග්, ‘මනුදම් මෙහෙවර’ දියත් කරයි

N.D buddhika Saturday, 09 July 2022 11:29 AM

මටත් සහන මල්ල හම්බවුණා. ඒත් අපේ ගමේ හැමෝගෙන්ම රු 100ක් එකතු කළා. එක ගෙදරකට මලු 2 ක් 3 ක් දුන්නා. මේ පිළිබඳ සොයා බලන්න. අසරණ ජනතාවට පිහිටක් වෙන එක තේරුමක් නැතිවෙනවා. සමහර අයට රුපියල් 100 දෙන්න බැරි අවස්ථාවල් තියෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site