IMG-LOGO

ඩයලොග් ‘ගොවි මිතුරු’ තේ පර්යේෂණ ආයතනය සමඟ එක් වෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන මගින් සිදු කෙරෙන කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව (දෙමළ භාෂාවෙන් Uzhavar Thozhan), තේ වගාව සම්බන්ධයෙන් විශිෂ්ටතම උපදේශන සේවාවක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

තේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තවලින් එකක් වන අතර, මිලියනයකට අධික පවුල් සංඛ්‍යාවක් මේ සමග සෘජුවම සම්බන්ධ වී සිටියි. ඒ අතරින්  කුඩා තේ වතු හිමි පවුල් නියෝජනය 400,000 කට අධිකය. කුඩා තේ වතු හිමියන්ට තිරසාර සහ පරිපූර්ණ උපදේශන සේවාවක් සැපයීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

භාෂා ත්‍රිත්වයෙන්ම සේවාව ලබාගත හැකි ගොවි මිතුරු සේවාව සරුසාර වගාවක් වෙනුවෙන් කාලෝචිත සහ සවිස්තරාත්මක උපදෙස් ලබාදී ගොවීන්ගේ ජීවිත නගාසිටුවීමට රුකුලක් වන අතර, එක් එක් ගොවීන්ගේ අවශ්‍යතා එනම්, ඔවුන්ගේ භෝග වර්ගය, ගොවිබිමේ ස්ථානය සහ වගාවේ අවධියට ගැළපෙන නිවැරදි තොරතුරු, නිසි වේලාවට සපයයි. දැනට ගොවි මිතුරු සේවාවෙන් තේ වගාව ඇතුළුව භෝග වර්ග 32 ක්  සඳහා කෘෂි උපදෙස් ලබාගත හැක. ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයකින් 616 අමතා ගොවි මිතුරු ඇමතුම් සේවාව සමඟ සම්බන්ධවිය හැකි අතර Google play Srore හරහා ගොවි මිතුරු App එක ඩවුන්ලෝඩ් කරගත හැක. ඇමතුම් සේවාව සඳහා එක් භෝගයකට පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියලක +බදු ගාස්තුවක් අය කෙරෙන අතර, Mobile App එක ඔස්සේ සියලු භෝග හා තොරතුරු සඳහා ග්‍රාහකත්වය ලබාගැනීම වෙනුවෙන් ඩයලොග් මොබයිල් පාරිභෝගිකයන්ගෙන් දෛනිකව රුපියල් 2 ක් (+බදු) අය කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

595



අදහස් (0)

ඩයලොග් ‘ගොවි මිතුරු’ තේ පර්යේෂණ ආයතනය සමඟ එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 494 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site