ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise Award සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත්විය. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පර්යේෂණ සහ උපදේශන සමාගමක් වන Forrester ආයතනය විසින් ඩයලොග් සමාගමට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරයේ දියුණුව, පාරිභෝගිකයා රඳවා ගැනීම සහ සේවකයන් ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීම යන මූලික කරුණු ඇගයීමට ලක් කරමිනි.
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සිය පාරිභෝගිකයන්ට වඩා විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීම සඳහා නිරන්තරයෙන්ම සිය සේවා වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ආසියා පැසිෆික් කලාපය සඳහා Forrester's Customer-Obsessed Enterprise - APAC සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට 5 G තාක්ෂණය හඳුන්වාදීමේ ගෞරවය හිමි ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමටය.
“ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise සම්මානය අප සමාගමට හිමිවීම අප ලද විශාල ගෞරවයක්.” ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.
“හෘදයාංගම සේවාව කියන අපගේ සේවාවේ මූලික සිද්ධාන්තයට අනුව කටයුතු කරන නිසා අපගේ සියලුම කටයුතුවල දී පාරිභෝගිකයාට ප්‍රමුඛස්ථානය ලබා දීමට අපට හැකිවී තිබෙනවා. ඒ හරහා අපේ පාරිභෝගිකයන්ට අද්විතීය සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. මේ සම්මානය අපගේ නොසැලෙන අධිෂ්ඨානය, සේවා සැලසීම වෙනුවෙන් වූ දැඩි ඇල්ම හා උනන්දුව සහ ‘හෘදයාංගම සේවාවක්’ වෙනුවෙන් වූ අපගේ පොරොන්දුව සහ ‘අනාගතය අදයි’ යන අපගේ තේමාව අර්ථවත් කිරීම වෙනුවෙන් වූ අපගේ සේවකයන්ගේ අපිරිමිත කැපවීමට කදිම සාක්ෂියක්.”සඳහා—APAC සඳහා Forrester's Customer-obsessed Enterprise සම්මානය දිනාගත් ඩයලොග් ආසිආටා සමාගමට අපේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.”යනුවෙන් Forrester ආයතනයේ ජාත්‍යන්තර පර්යේෂණ සහ නිෂ්පාදන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඬේන් ඇන්ඩර්සන් මහතා සඳහන් කළේය.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩයලොග් ආසිආටා සමාගමට එතෙරින් සම්මානයක්