IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩයනා පැවරූ නඩුවට විරෝධතා ගොනු කරන්න දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි 22 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (31) නියෝග කළාය.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගය ව්‍යවස්ථාව අනුව මෙම පක්ෂයේ තනතුරු දැරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන්නැයි වගඋත්තරකාර පාර්ශවයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු නම් කොට ඇත.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන බවත් ඔවුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඊට එරෙහිව මෙම වගඋත්තරකරුවන් වෙනත් අධිකරණයක පිහිට ඉල්ලා නඩු පවරා ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාරිය වගඋත්තරකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැති බවත් සඳහන් කොට ඇත”‍

එහෙයින් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු දැරීමට නොහැකි හෙයින් ඔවුන් එම පක්‍ෂයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නීය”

පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරිය පෙත්සම ලබන මැයි 22 වැනිදා කැඳවීමටද නියම කළාය.

 

 



අදහස් (6)

ඩයනා පැවරූ නඩුවට විරෝධතා ගොනු කරන්න දින දෙයි

sam Friday, 31 March 2023 03:31 PM

සජිත්ට අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි දෙකම නැති වෙන්න යනවා නේද?

:       5       55

Surain Friday, 31 March 2023 04:35 PM

හොර උප්පැන්න, හොර පාස්පෝට් හැදුවට තවම ලැජ්ජා නැතිව මන්ත්‍රීකමේ ඉන්නවා. පොලිසියත් නිහඬයි. හැබැයි කිසිම ලැජ්ජාවක් නැහැ.

:       27       14

Amara Friday, 31 March 2023 04:52 PM

ඩයනා දිනයි. විපක්ෂ නායක වෙන්නත් පුළුවන්...!

:       1       24

duplicate ralahami Friday, 31 March 2023 05:26 PM

ඔයත් කළ හොර වැඩවලට හිරේ විලංගුවේ ඉන්න ලෑස්ති වෙනවා ඇතිනේ... නේද? 

:       16       7

de silva berlin Saturday, 01 April 2023 09:51 AM

හොර උප්පැන්න, හොර අඩෙන්ටි, හොර පාස්පෝට් හැදුවම උසාවි වලින් දඩුවම් විඳින්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පමණක්ද? මන්ත්‍රීවරු ඇමතිවරු නිදහස්ද?

:       0       0

Rata Perata Saturday, 01 April 2023 12:46 PM

තවමත් කුලියට ඩයන වගේ කෙනෙකුට කඩේ යන අපතයෝ ඉන්නවද? මේ රටේ ඉන්නේ එච්චරටම දීන ජාතියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site