IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩයනාගේ නඩුවට අදාල සටහන් අධිකරණය ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව මේ දක්වා සටහන් කරගෙන ඇති සියලුම ප්‍රකාශවල පිටපත් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයාට මැදිහත් වන ලෙසට දැනුම් දෙමින් නීතිපතිවරයාට ලිඛිත දැනුම් දැනුම් දීමක් සිදු කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය .

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

 



අදහස් (6)

ඩයනාගේ නඩුවට අදාල සටහන් අධිකරණය ඉල්ලයි

de silva Thursday, 02 March 2023 01:50 PM

ඔය නඩුවත් අර විමලෙගේ හොර පාස්පෝර්ට් නඩුව වගේ අවුරුදු 5 ක් විතර අහලා අන්තිමට ,අහක දමාවි ,අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඕකට අවශ්‍ය සියලු විස්තර ආගමන විගමන එකේ පරිගණක පද්ධතිය හරහා විනාඩි කිහිපයකින් ලබාගන්න පුළුවන්

:       0       16

Hafeel Thursday, 02 March 2023 01:56 PM

මේ ඩයනා රටේ ආගමන නීතිය උල්ලංඝනය කල බව ඉතා පැහිදිලි. නමුත් ඉතා මන්දගාමීව තමයි පොලීසිය සහ නීතිපති දෙපාර්තුමෙන්තුවත් කටයුතු කරන්නේ. කනගාටුයි රට ගැන මහා ලොකුවට කතා කරන අධිකරණ ඇමති ඩීල් දාස ඇයි නිහඬයි?

:       0       19

Rexi Thursday, 02 March 2023 02:06 PM

ගලි බවුසර්

:       2       19

Jude perera Thursday, 02 March 2023 03:40 PM

අතේ තියන ලියකියවිලි ආයේ ඉල්ලලා වාරය කල් දානවා

:       0       13

fairoos Thursday, 02 March 2023 05:07 PM

මේ නඩුවලට තීන්දු එන්න නම් අලුත් ආණ්ඩුවක්ම එන්න ඕනෑ...

:       0       6

swene Friday, 03 March 2023 07:05 AM

අධිකරණය ඩයනව අත් අඩංගුවට නොගැනීමට හේතුවක් නොමැති බව පවසා තිබියදීත් පොලිසියට කඳුලු ගෑස් වැඩ නිසා, ඩයන වැඩ කිඩ පෙන්වමින් පාර්ලිමේන්තුවේත් වැජඹ සිටින්නීය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site