IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩුබායි ගෘහ සේවයට ගිය කතුන් 80ක් කඳවුරක සිරකරලා?

(කාංචන කුමාර ආරියදාස)

ඩුබායිහි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ ලාංකික කතුන් අසූ පස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බව එම කාමරයේ අනෙක විධ දුක් කම්කටලු මැද දියවියනට පැමිණි කාන්තාවක හෙළි කළාය.

දඹුල්ලේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය දඹුලු ඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී නමැති එම  කාන්තාවක ඩුබායි හි රැදවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට ඉකුත් දා මෙරටට පැමිණියාය.

තමා අත්විඳි එම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදෙශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලීසියට මෙන්ම  විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයට  දැනුම් දුන්න ද මෙතෙක්  කිසිදු සාධාරණයක් සිදුවී නැති බව පවසන්නීය,

දඹුල්ල ප්‍රදේශයේ  පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප්‍රියන්ති මහත්මියද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳව ද හෙළිදරව් කළාය.

මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කදවුර සිර කරගෙන සිටියදී තම දුවා දරුවන් විශාලම මුදලක් ණයවී තමා මෙරටට ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී සඳහන් කර සිටියා ය,

 



අදහස් (6)

ඩුබායි ගෘහ සේවයට ගිය කතුන් 80ක් කඳවුරක සිරකරලා?

Senarath Thursday, 22 September 2022 02:38 PM

ඒජන්සි කාරයින් ඩුබායිවල ඉන්න පොඩි ආයතන එක්ක එකතුවෙලත් සේවයට ගෙන්වාගෙන මාස 2න් 3න් සේවයෙන් නෙරපනවා...

:       0       0

බද්රානි Thursday, 22 September 2022 03:09 PM

දැන් ඔය දේවල් කරන්නේ ඒ රටේ අයද? එහෙම නැත්නම්, අපේ මේ ලෝකෙන් උතුම් ධර්මද්ධීපයෙන් ඒ රටට ගොස් සිටින ඔබගේම රට ජාතිය නියෝජනය කරන දැහැමි, දේශප්‍රේමී, අවුරුදු දෙදහස් පන්සියයක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ඔබගේම වර්ගයාද? තමන්ගේ වර්ගයේ කකුල් දෙකේ සත්තු ගැන ඇත්ත ඇහෙද්දී වලිග උස්සන නිසා එක අතකට ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. මොනා උනත් ලංකාව අතුලේ අපි ලෝකෙටම ලොක්කොනේ..

:       3       15

janahitha UAE Thursday, 22 September 2022 04:43 PM

මෙහි ඔය කියන කඳවුරු නම් නැහැ. හැමෝම හොඳින් ඉන්නව. රැකියාවලට ගෙනැවිත් අතරමං කළ අය නම් හමුවෙනවා. මෙවැනි අයට උදව් කරන ආයතනත් ඕනෑ තරම් තියනවා සහ අනෙක් එක මෙමෙ අතරම් කිරීම කරන්නේ ලංකාවෙම අය මුදල් සොයන්න. ඩුබායි රටේ ලියාපදිංචි ආයතනයකින් හැර වෙනත් ආයතනවලට රැකියා සොය දෙන්න බැහැ. සොරුන්ට අහුනොවන්.

:       1       11

janahitha UAE Thursday, 22 September 2022 04:46 PM

ඔය කියන කාමරය ඇති ස්ථානය දන්නවද? අදම පියවර ගන්න පුළුන්. මෙහි ස්වාධීන පොලීසියක් තිබෙනවා. නීතිය අකුරටම සමාදානෙටම ක්‍රියාත්මක වෙනවා.

:       1       14

කිරිපුතා Thursday, 22 September 2022 06:45 PM

ව්‍යාපාරිකයින්ගෙන් හෝ වි.සේ.නි. කාර්ය්‍යාංශයෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන්න එපා..! අපේ රටේ අම්මලා , සහෝදරියන් ගෘහ සේවයට යන්න එපා. විදේශ ගත වෙන්න ඕනම නම් කුමක් හෝ පුහුණු රැකියාවකට යන්න. ගෘහ සේවක රැකියාවෙන් ඔබත් බාල්දු වී, රටත් බාල්දු වී, අනේක විදිහේ දුක් විඳ චරිතයද කෙ⁣ලෙසගෙනයි නතර වෙන්නේ...

:       0       0

නදීශ තිලාන් Saturday, 24 September 2022 09:10 AM

මේ රටට නීත්‍යානුකූලව එක කිසි කෙනෙක් බයවෙන්නේ නැතුව එන්න පුළුවන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි හරි ඒජන්සියකින් එන්න. කම්කරු අයිතිවාසිකම් රකින ගොඩක් හොඳ රටක්. විශේෂයෙන්ම අනික් මැදපෙරදිග රටවල් එක්ක බැලුවාම හැම දෙයක්ම යුරෝපා රටකට සමාන විදිහට තමයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site