ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවකු වන Trinocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල්වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. නවතම Microsoft REST පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුළ මෙම REST වැඩසටහන සිදුකරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. සිසුන්ට මෙම REST වැඩසටහන හඳුන්වා දීමෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සිදුකෙරේ.
Alethea හි කළමනාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනි අනිට්‍රා පෙරේරා මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වූවාය. “අපගේ විෂය නිර්දේශයට REST හඳුන්වාදීම පාසල තුළ ඩිජිටල් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වන්නේ අපගේ සිසුන් අනාගත ඩිජිටල් ලෝකයට සූදානම් බව හඳුනා ගැනීමයි. එයින් අප ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමද සිදුවෙනවා” ලොව පුරා ආයතන විශාල ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන Microsoft 365 යොදාගනිමින් මූලික මට්ටමේ සිට පුහුණුව ලබා දීමෙන් REST වැඩසටහන තොරතුරු තාක්‍ෂණික අධ්‍යාපනය තුළ පවතින හිඩැස පුරවනු ලබයි.
මෙම වැඩසටහන මගින් සිසුන්ගේ ඵලදායිතාව සහ ඔවුන්ට ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය වැඩිදියුණු කිරීම සිදුවන අතර එමගින් අනාගතයේදී දක්‍ෂ සහ කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ගොඩනැගීමට මග පාදයි.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩිජිටල් වෙනසකට Trinocate Lanka Alethea පාසල හවුල්කාරිත්වයක