(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ඩෙංගු මර්දනයේදී ඇතැම් නගර නගරවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මදි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.
විශේෂයෙන් කොළඹ කුරුඳුවත්ත වැනි ප්‍රදේශවලදී ඒ තත්ත්වය තදින්ම දක්නට ලැබෙන බව පැවසූ වෛද්‍යවරයා මේ හේතුවෙන් නිලධාරීන්ට ගේට්ටුව ළඟ රස්තියාදු වීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
එවැනි අවස්ථාවලදී ගේට්ටු වල කහ නිවේදනය ප්‍රදර්ශනය කරන බවත් එසේ කහ නිවේදනය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේදී නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇමතිය යුතු බවත් විජයමුණි මහතා පැවසීය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුණහොත් රතු නිවේදන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කීවේය
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු මර්දනයට කුරුදුවත්තේ සහය මදි
සත්‍යපාල Sunday, 14 May 2023 07:49 AM
ඕකට තමයි කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා... අහිංසක කෙනෙක් වුණානම් කෙසෙල් ගහක ගොබය ළඟ වතුර තිබුණත් කෙසෙල් ගසත් කපන්න කියනවා. මම රාජසිංහ රජුගේ කටු උණ පඳුර ආසන්න ගමක කැඩුම් බිඳුම් වෙද මහතෙක් හමුවෙන්න ගියා. ගෙදර ඉස්සරහා දොරේ ඩෙංගු තුරන් කළ ආදර්ශමත් නිවසක් කියලා... පී.එච්.අයි සවිකළ දැන්වීමක් තිබුණා.. මම එම නිවසේ පිටුපස බැලුවාම දැක්කා වතුර පිරුණු භාජන රාශියක් තියෙනවා. එහෙම තමයි වැඩකිඩ කියලා කියන්න වෙනවා..