(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු වැළඳුණු දරුවන් 40 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මින් අට දෙනෙකුගේ තත්වය බරපතළ බවද ඔහු සඳහන් කළේය.
ඩෙංගු වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝහලට මීට සතියකට පමණ පෙර ඇතුළත් කරනු ලැබ සිටියේ දරුවන් විසි දෙනෙකු පමණක් බවද ප්‍රකාශ කළේය.
සමහර මවුපියන් ඩෙංගු වැළඳුණු දරුවන් රෝහල් ගත කරන්නේ ඉතාම අමාරු අවස්ථාවට පැමිණි පසුව බවත් එසේ කටයුතු කිරීම ඉතාමත් අවදානම් බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
දරුවන් තුළ ඩෙංගු සැක සහිත රෝග ලක්ෂණ මතුවූ වහාම රෝහල්වල බාහිර රෝගී අංශයට හෝ යොමුකර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
කොවිඩ් දරුවන් සම්බන්ධයෙන් අප කළ විමසුමකදී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ කොවිඩ් රෝගී එකම දරුවකු හෝ රෝහලේ නොසිටින බවයි.
දරුවන් අතරේ ඇස් රෝගයක් පසුගිය දිනවල පැතිර තිබු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එම රෝගයේ පැතිරීම දැන් තරමක් අඩුවී ඇති බවද ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඩෙංගු දරුවෝ 40ක් රිජ්වේ රෝහලේ