IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


“ඩග්ලස් මුන්රෝ’’ කොළඹ වරායට සේන්දු වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව “ඩග්ලස් මුන්රෝ" දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය.

කොළඹ වරායට සේන්දු වූ ඩග්ලස් මුන්රෝ නෞකාව පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සියැටල් වාරයේ සිට ගමනාන්තය වූ කොළඹ වරාය අතර දුර නාවික හමුදාවට අයත් නෞකාවක් යාත්‍රා කළ වැඩිම දුරද වේ. ඩග්ලස් මුන්රෝ නෞකාව පී-627 ධජය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වේ.



අදහස් (9)

“ඩග්ලස් මුන්රෝ’’ කොළඹ වරායට සේන්දු වේ

Kumar (Gulf) Thursday, 03 November 2022 12:17 AM

ඇමරිකා එක්සත් ජනපදයට ස්තූතියි, ඇමරිකාවට දෙවියන් වහන්සේ ආශීර්වාද කරයි.

:       58       8

TikkaSunday, 06 November 2022 12:04 AM

යකඩ වලට තලලා විකුණන්න යන වියදමට වඩා ඕක කාගෙ හරි ඇඟේ ගහන එක ලාභ නිසා අවුරුදු 60ක් විතර පරණ ලඩිය අපිට එව්වම ලාංකිකයො කියන සූකිරි කතා ඇමරිකාවෙ මිනිස්සු දැක්ක නම් මූදෙ පනීවි.

:       2       4

Kumar (Gulf) Monday, 07 November 2022 12:51 AM

There is a saying, "Do not put Pearls in front of the Pigs'"

:       0       0

Rocky Thursday, 03 November 2022 05:50 AM

ඕකේ ආරක්ෂාවට පිරිසක් යොදන්න .නැත්නම් කොටස් ගලවලා යකඩ කඩේට විකුණා ගනීවී

:       30       11

Perera Thursday, 03 November 2022 06:43 AM

ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන්න ඔය වගේ නැවකට අවුරුද්දක් යනවද ?

:       27       7

pakeer Thursday, 03 November 2022 10:16 AM

අවුරුදු 50 ක් පරණ එක්සත් ජනපද වෙරළාරක්ෂක එක අයින් කරපු නැවක්.ස්තූතියි USA.

:       7       25

Rathnayaka Thursday, 03 November 2022 12:13 PM

Great.

:       2       20

sharm warn Thursday, 03 November 2022 02:25 PM

ඇමෙරිකාවෙ පරණ ඒවා අපිට එවනව. අපේ මෝඩ නරි ටික උත්සවාකාරයෙන් පිළිගන්නව. අර ඩොක්යාඩ් එකෙන් නැව් හදලා ලෝකෙටම විකුණනව. මෙතන අනුන්ග අබලි යකඩ ගොඩවල් දෝත පාලා පිළිගන්නව. එක එතකට අපේ මුහුදු සීමාවට ගෙනැල්ල ගිනි ගන්න සලස්වනවට වඩා මෙහෙම ගොඩ බාන එකත් ලොකු දෙයක්. අපේ සාගර කලාපය විනාශ නොකර.

:       8       49

kasun Saturday, 05 November 2022 03:19 PM

හොඳයි ගොඩක්...

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site