IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් ‌වෙයි

(ඉන්දිකා  රාමනායක)

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි  ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව  පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂපක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්ෂ ක නෞකා ඩග්ලස් මුන්රෝ’ නමැති මෙම  නෞකාව  පසු ගිය 2021 ඔක්තෝබර් මාස 26 දින  නාවික හමුදාව වෙත බාර දී තිබු අතර එය ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්යසතාවලට ගැලපෙන පරිදි නවීකරණ කිරීමෙන් පසු    මෙලෙෂ කොළඹ වරයා බලා ගමන් ආරම්භ කර ඇත.

මෙම නෞකාව නිල වශයෙන් භාර දීමෙන් පසු පී 627 දරණ පෙනන්ට් අංකය යටතේ ශ්‍රි ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව  ඇති අතර, එය මෙරටට  පැමිණීමෙන් පසු අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත.

Hamilton Class High Endurance Cutter’  යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව දිගින් මිටර 115ක්,  උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක්  බව නාවික හමුදාව පවසයි.

මෙම නෞකාවට  එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂකණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් ඇති බවත්,  187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂිණික උපාංග හා පහසුකම් වලින් සමන්විත  බව නාවික හමුදාව කියයි.

මෙම  පී 627 නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.

 සාගර කාලාපයේ පොදු සමුද්රීකය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රි ලංකා නාවික නෞකා සමුදුර’ "පි 621" සහිගජබාහු’ "පි 626" යන ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අැති  බවත්,  එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂතක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව  මෙය බවද නාවික හමුදාව පවසයි.

ශ්‍රි ලංකාව බලා  එම ගමන් මගේ  දී සැපයුම් හා සේවා අවශ්යාතා සපයා ගැනීම සඳහා ඇමරිකාවේ හවායි හී හොනොලුලූ වරායල ඇමරිකාවේ ගුවාම් හී අප්රාග වරායල පිලිපීනයේ මැනිලා වරාය හා සිංගප්පූරුවේ චැංගි යන වරායන් වෙත සේන්දුවීමට නියමිතව ඇතග



අදහස් (2)

’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් ‌වෙයි

Shadow Monday, 05 September 2022 04:27 PM

දෙනවයි කිව්වෙ 2 , 9 බිලියන නෙද මෙ එන්නෙ ?

:       18       8

susantha Monday, 05 September 2022 08:09 PM

මේ නෞකාව හදලා තියෙන්නේ 1970. අවුරුදු 50ක් පමණයි. 2021 දී මේක සේවයෙන් අයින් කරලා de-commission කරලා. ඉතින් අපට මේ පරණ යකඩගොඩ නිකන් දෙන එක ලාබයි... ඇමෙරිකාවට මේක ගලවන්න යන වියදමට වඩා මේවායේ පරණ එංජින් දුවන්න තෙල් නැවක් යාවි. අලුත් නැව් එක්ක සසඳලා බැලුවාම...

:       8       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site