IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටැබ් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයට අකිලගේ නොසතුට

(නිමල කොඩිතුවක්කු)

උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණය සිදු නොවිය යුත්තක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම  සඳහා  මුදල් වෙන්කර  ඇති බවත් පැවසූ  ඒ මහතා එම ටැබ් පරිගණක මේ වනවිට නිෂ්පාදනය වෙමින් පවතින බවත් සඳහන් කළේය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පසුගිය රජය බොහෝ සැලසුම් සකස් කළ  බවත් උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම  එහි මූලික වැඩසටහනක් බවත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.

ළඟම පාසල හොඳම පාසල සුරක්ෂා රක්ෂණය, නිල ඇදුම් සඳහා වවුචර් පත් ප‍්‍රදානය කිරීම , වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඇතුළු වැඩසටහන් රැසක් යහපාලන රජය මගින් සිදුකළ බවත් ඔහු කියා සිටියේය.

 



අදහස් (0)

ටැබ් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයට අකිලගේ නොසතුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site