
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි
එම බක්කිය යාබද නිවසේ කොන්ක්‍රීට් තට්ටුව මතටත් , බක්කිය තුළ තිබූ සිමෙන්ති ගල් සුඛෝභෝගී මෝටර් රථයේ බොනට්ටුව මතට හා තීරෝද රථය මතටත් වැටීමෙන් රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
බක්කිය කඩා වැටෙන අවස්ථාවේදී කිසිදු පුද්ගලයකු ඒ අවට නොවීම හේතුවෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුව නොමැත.
මහල් 23කින් යුක්තව ඉදිකරමින් පවතින කාර්යාල සංකීර්ණයේ ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට භාවිතාකළ ටවර් ක්රේන් යන්ත්‍රයේ බක්කිය මෙලෙස කඩා වැටී ඇත
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජි ඒ සි පි ගමආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි


2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටවර් ක්රේන් බක්කියක් කඩා වැටෙයි