(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඔහු එංගලන්තයේදී එම එල්ටීටීඊ කාරයා සමග මේ ගැන සාකච්ඡා කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද රාජපක්ෂ බබෙකු වැල් පාලමේ ගෙනයෑමට උත්සාහ දරන බවද
සඳහන් කළේය.
ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
අද නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි දැක්කා රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ සභාවට ගෙනාපු විදිය. මේවා කරලා සමාජ පරිවර්තන කරන්න බැහැ. මිනිස්සුන්ට කන්න බොන්න නැතිව හොම්බෙන් ගිහිල්ලා තියෙනවා. දුෂ්කර තත්වය තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. එතුමට මේ දුෂ්කර මාර්ගය තේරුම් ගිහින් තියෙන්නෙ අවුරුදු හතළිහකට පස්සේ. දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපා කියලාත් එතුමා කියනවා. මේක යකාගෙ කතාවක්. ඔහු ටෙලිකොම් ආයතනය විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තයේදී හමුවෙලා තියෙනවා. එයා තමයි එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් අතීතයේදී මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී ආයතනයකුත් මෙහෙ තියෙනවා. ඒ එල් ටී ටී කාරයට තමයි මෙයා මේ ටෙලිකොම් ආයතනය විකුණන්න යන්නේ.
කැරට් දීලා දීලා ජනතාව රවට්ටනවා. එතුමා ඉන්නේ සිහින ලෝකයක. අද රාජපක්ෂ බබෙක් වැල් පාලමේ ගෙනියන්න හදනවා. ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් සැලසුමක් මෙයාට නෑ. සැලැස්මක් නැතුව අඳුරේ අතපත ගානවා. විවිධ පනත් ගෙනවිත් ජනතාව මර්දනය කරන්න හදනවා. මාධ්‍ය ආයතනවලින් පළිගන්න හදනවා. මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අන්ත දූෂිතයි. එහෙම තියෙද්දි දූෂණ විරෝධී පනතක් ගේන්න හදනවා. මෙතුමා ජීවත් වෙන්න හදන්නේ හිට්ලර් කෙනකු විදිහටයි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට’’