
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන ජනාධිපති ෂී ජින්පින් හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුව ඇති අතර එහිදී එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම හේතුවෙන් අතරමග නැවතී තිබූ දෙරට අතර වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නායකයන් එකඟ වී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති ගණනක සිට ෂී ජින්පින් සමග සංවාදයක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේය. පසුගියදා ලෝක බලවතුන් දෙදෙනා අතර ඇතිවූ විනාඩි 90 ක දුරකතන සංවාදය හේතුවෙන් දෙපාර්ශවය අතර ඇරඹී වෙළෙඳ යුද්ධයට තාවකාලික විරාමයක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇතත් ඉන් දෙරට අතර හටගෙන ඇති ගැඹුරු බෙදීම්වලට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබී නැත.
එහිදී දෙරටම ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් ලෙස සළකන සැපයුම් දාමය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට මෙන්ම අවි ආයුද, මෝටර් රථ ඇතුළු උසස් තාක්ෂණික නිෂ්පාදන සඳහා යොදා ගන්නා දුර්ලභ ඛනිජ අපනයනයන් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නායකයන් දෙදෙනාට හැකියාවක් ලැබී නොමැත.
දුරකතන සංවාදයේදී ගෝලීය ආර්ථිකයට බාධා එල්ලවන වෙළෙඳ ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසද චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයිද පැවැසෙයි.
චීනය සහ ඇමෙරිකාව අතර දුර්ලභ ඛනිජ සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන ඇති අවස්ථාවක මෙම දුරකතන සංවාදය හටගෙන ඇත.
එසේම දුරකතන සංවාදයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට චීනයේ සංචාරයක නිරත වන ලෙසත් චීන ජනාධිපතිවරයාට ඇමෙරිකාවේ සංචාරයක නිරත වන ලෙස රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකාට ආරාධනය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් - ෂී ජින්පින් දුරකතන සාකච්ඡාවක