IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර් රජ පවුලෙන් සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානායක් තෑගි කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප් සහ කටාර් රජ පවුල අතරේ ද සමීප සබඳතා පවතී. කටාර් රාජ්‍යය ද සෞදිය මෙන්ම ඇමෙරිකාවේ හිතවතකු වන අතර, කලාපීය ගැටලුවලදී ඇමෙරිකාවට සහාය දක්වන්නේ කටාර් රාජ්‍යයයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය ලෙස සැලකෙන්නේ ‘එයාර් ෆෝස් 1’ ය. මෙම නිල ගුවන් යානය වෙනුවට, කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ලැබෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම සුඛෝභෝගී ගුවන් යානය භාවිතයට ගත හැකි යැයි පැවැසෙයි. ලොව වඩාත් සුඛෝපභෝගී ගුවන් යානය ලෙස ද මෙම ගුවන් යානය සැලකෙයි.

ට්‍රම්ප්ට ගුවන් යානයක් මේ අයුරින් තෑගි ලැබීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාට, විදේශවලින් තෑගි ලබා ගැනීම නොහැකි බව පෙන්වා දෙමිනි.

මීට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, වසර ගණනාවක් පැරණි එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය වෙනුවට නව නිල ගුවන් යානයක් තෑගි ලැබීම සතුටට හේතුවක් බවය.

මේ අතර ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, තමන්ගේ ධුර කාලය අවසන් වනතුරු තමන්ට මෙම තෑගි වශයෙන් ලැබෙන ගුවන් යානය භාවිතයට ගැනීම කළ හැකි බවත්, තමන් ධුරයෙන් සමු ගනිද්දී, ගුවන් යානය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුස්තකාලයට පරිත්‍යාග කරන බවත්ය.



අදහස් (8)

ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්

ගුණරත්න Wednesday, 14 May 2025 11:15 AM

ට්‍රම්ප් ජනාධිපතිතුමා කටාර් යානයක් පාවිච්චි කරන්නේ තාවකාලිකව... හේතුව දැන් තියෙන එයාෆෝස් 1 යානා යල්පැන ගිහින් නිසා ඒවා වෙනුවට 2027 දී අලුත් යානා යොදවනවා කියලා කියනවා. එතෙක් කටාර් රාජ්‍යයේ ගුවන් යානයක් පාවිච්චි කරනවාලු...

:       5       6

ලුම්බිණි Wednesday, 14 May 2025 12:37 PM

කුණු ගොඩකට තව කුණු එකතුවීම සාමාන්‍ය දෙයක්...

:       8       4

NPP Wednesday, 14 May 2025 02:07 PM

ගුණේ අයියා කියන්නේ ඉතින් ඇවිදින පුස්තකාලයක්. හැමදේම ඉතින් හරියටම කියන්න දන්නවා. කජු සීයාගේ ගෝලයෙක් නොවැ..

:       4       8

AsinthaWednesday, 14 May 2025 03:24 PM

සාගල වගේද?

:       1       4

Nandalal de Silva - France Wednesday, 14 May 2025 04:26 PM

ඇමරිකානු ජනපති ට්‍රම්ප් ගෙ මෙම ගුවන් යානා තෑග්ග මගින් සිය රටට අති විශාල මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන් බව ඔහු ප්‍රකාශ කලා. තවද, දැනට පාවිච්චි කරණ පරණ වෙමින් පවත්නා Air Force One යානය වෙනුවට, නව යානයක් සදහා Boeing සමාගමට වසර කිහිපයකට පෙර ඇණවුම් කල නව AF 1 යානාව, එම සමාගම විසින් මෙවන තුරුත් රජයට භාරදී නොමැති නිසාවෙන් ට්‍රම්ප් කණස්සල්ලෙන් පසුවන බවත් ඔහු කියයි. අපෙ රටෙ ජනාධිපති කෙනෙකුට මෙවැනි යානාවක් තෑගි වශයෙන් ලැබුනා නම්, එය තිරුපති කෝවිල් වන්දනාව සදහා යොදා ගෙන, පසුව මැදමූලන පොල් රුප්පක ගාල් කර දිරාපත් වීමට ඉඩහැරීම මිස, ට්‍රම්ප් වගේ රජයට පරිත්‍යාග නොකරනු ඇත... ඒ අතින් ඔහු කොතරම් අවංක, පරිත්‍යාගශීලී මිනිසෙක්ද ?

:       5       15

KumarWednesday, 14 May 2025 09:04 PM

යානය පළමුවෙන්ම යන්නේ ගුවන් හමුදාවේ පරීක්ෂණයකට. එම යානයේ සෑම කොටසක්ම ගුවන් හමුදාවේ ඉංජිනේරුවන්ගේ පරීක්ෂාවකට ලක් කරනවා. ඒකට පසු තමයි ජනාධිපති නිල යානය ලෙස යොදාගන්න පුළුවන් වෙන්නේ. දැන්ට ඇමරිකාවේ නීතියට අනුව ජනාධිපතිට ලැබෙන සියලුම වාසි අයිති වෙන්නේ රජයයටයි. තවත් නීතියක් තියෙනවා "quid pro quo" කියලා. ඒ නීතියෙන් කියන්නේ යමක් දීමකින් යමක් බලාපොරොත්තු වීම කියලා. එවැනි තෑගි ලබාගැනීම තහනම්.

:       0       0

chandima Wednesday, 14 May 2025 09:18 PM

අපරාදේ රනිල්ට ඒ කාලේ සෞධියට යන්න බැරි උනා නේ ?

:       0       0

himal Thursday, 15 May 2025 11:56 AM

මේ ගුවන් යානය ට්‍රම්ප්ට ගෙදර ගෙන යාමට නොව ඇමරිකා රජයට නිල වශයෙන් දෙන දෙයක් බවයි වාර්තා වෙන්නේ. යම් වාහනයක් හෝ ගුවන් යානයක් හෝ පහසුකම් වැඩි යනු හුදෙක් සැප නෙවෙයි. අනෙක් අතට සැප බංගලා, සැප වාහන, මොනවද මේ කතා? යම් දෙයක පහසුකම් වැඩියි යනු එහි ආරක්ෂාව, හැකියාවන්,උපාංග, අමුද්‍රවය් වල ගුණාත්මක බව ආදී සමස්ත දෙයක්. මිනිස්සුන්ට වැඩි පහසුකම් දෙන එක වරදක් ලෙස දකින්න එපා. මොකද ඒ පහසුකම් දෙන්නේ මානසික ශ්‍රමය බාධාවකින් තොරව සපයන්න. මුළු ලොවටම බලපාන තීරණ ගන්නා තනතුරක ඉන්නා පුද්ගලයෙකුට මනස නිරවුල්ව සිතීමට සැලැස්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව, වාහන, කාර්යාල පහසුකම් දීම සැප දීමක් ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site