IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඉකුත් සිකුරාදා(13) දිනයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ බව ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.
 
'බ්‍රසීල ජනපති සමඟ භෝජන සංග්‍රහයක් පවත්වා සතියක් ගතවූ නමුත් ජනපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙනවා. පසුගිය දිනවලදී  ජනපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට ඔහු කැමැත්ත පළ කළා' යැයි ජනපති මාධ්‍ය ලේකම් ස්ටෙෆනි මහත්මිය පැවසූවාය.
 
ධවල මන්දිරයට සිකුරාදා දිනයේ පැමිණීමට පෙරද තම උෂ්ණත්වය සටහන් කරගත් බවද, එය සාමාන්‍ය තත්වයේ තිබූ බවද ඇමෙරිකානු ජනපති පැවසීය. 

මාධ්‍ය විසින් ගෙන යන කලබල සහිත තත්වය හේතුවෙන් තමන් පරීක්ෂණයට පෙනී සිටි බවද ඇමෙරිකානු ජනපති වැඩිදුරටත් සඳහන් කළේය.

 
(සීඑන්එන් ඇසුරිනි)
16844


 



අදහස් (2)

ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

Sanath Kandy Sunday, 15 March 2020 04:02 AM

මේක ජිව අවියක්. මෙයාලා මේක චීනෙට යවන්න කලින්ම ප්‍රතිජීවක එන්නත් විදගන්න ඇති.

:       16       38

Champa Sunday, 15 March 2020 05:14 AM

කොරෝනා වැළඳුනු බොහෝ රටවල නායකයන් පහුගිය දවස්වල ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ අය මුණ ගැහිලා තියෙනවා. කොරෝනා ටෙස්ට් කරන්නේ නැතුව ට්‍රම්ප් ගොඩක් දවස් කල් දදා ඉඳලා ඉතාම වැරදි ආදර්ශයක් දුන්නේ ලෝකෙටම. ඒ අතින් අනිත් රටවල නායකයෝ, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ වෙනත් රටවල නායකයෝ සහ ප්‍රධාන පෙළේ ලෝක දේශපාලකයෝ තමන්ගේ කැමැත්තෙන් දින 14 ක් නිරෝධායනයකට ලක් වෙද්දී, ට්‍රම්ප් එහෙම කරන්නේ නැතුව මඟ හරිමින් හිටිය එක හුඟක් සැක සහිතයි. කොරෝනා ගැන ලෝකයාම කතා කරපු ජනවාරි මුල්ම කාලෙදිම මෙතනට ලිව්වා වගේ චීනෙට කොරෝන පතුරුවන්න මුල් වුනේ ඇමරිකාව. හැබැයි දැන් ඒක බූමරංගයක් වෙලා තියෙනවා. ඇමරිකාවේ බොහෝ මිනිස්සු මැරිලා තියෙනව සහ මැරෙනවා. හැබයි ඒ දත්ත මුකුත් එලියට දෙන්නේ නැහැ. හංගනවා. චීනය අහනව වගේ මුළු ලෝකයාම ඇමරිකන් මෙගලෝමේනියක් ජනාධිපතිගෙන් අහන්න ඕනේ කොරෝනා වයිරසය හදල ටෙස්ට් කරපු පලවෙනි රෝගියා හෙවත් "පළවෙනි කොරෝනා බිලි බෝයි" කවුද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31262 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site