IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටිපර් රථයකට යටවී සිව්හැවිරිදි දරුවෙකු මරුට - කතක් රෝහලට

(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

අම්පාර මහ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුව හරහා අද (22) දින ප.ව. 6.15ට පමණ ගමන් කරමින් සිටි සිව්හැවිරිදි පිරිමි දරුවෙකු සහ දරුවාගේ පුංචි අම්මා බව කියන කාන්තාවක් ටිපර් රථයකට යටවීමෙන්, දරුවා එම ස්ථානයේදීම මියගොස්, 27  හැවිරිදි පුංචි අම්මා බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව, අම්පාර පොලිසිය පවසයි.

රෝහල් ගතව සිටි දරුවාගේ මව බැලීම සදහා උහන 22 ජනපදයේ සිට පුංචි අම්මා සහ ආච්චී සමග රෝහලට පැමිණ ආපසු යෑම සදහා රෝහලෙන් පිටතට පැමිණ පදික මාරුව මතින් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී කල්මුණ හංදිය දිහාවෙන් පැමිණි ටිපර් රථයකට පුංචි අම්මා සහ දරුවා යටවී ඇතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතා විසින් සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

ටිපර් රථයකට යටවී සිව්හැවිරිදි දරුවෙකු මරුට - කතක් රෝහලට

Neel Tuesday, 23 September 2025 01:19 AM

ඇප ලබා පැමිණ තව කාව හරි හප්පලා මරයි. පර්වාහන ඇමතිතුමාට තවම කිසිම අයිඩියා එකක් නැහැ නේද

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site