IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ ලෝක ශූරතාව ලංකාවේ වෛද්‍ය කණ්ඩායමට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකීය ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනය සංවිධානය කරන ලද 'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලිය  ජයග්‍රහණය කරමින් ලෝක ශූරයන් බවට පත් වී තිබේ.

'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 136 ක් සහභාගී වී ඇත.රටවල් 136 අතරින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත් වී තිබේ.

පසුගිය 15 සිට 19 වැනිදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියාල් හි පැවති 26 වෙනි ස්නායුවේදය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම තරඟාවලිය පවත්වා ඇත.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චැන්ග්, වෛද්‍ය ඒ.ටී අලිබෝයි, වෛද්‍ය සේනක බන්දුසේන සහ වෛද්‍ය මංජුල කල්දේරා සහභාගී වී තිබේ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ආඩම්බර විය හැකි මොහොතක් බව ලොව පුරා සිටින වෛද්‍යවරුන් සුභපැතුම් එක් කරමින් පවසා ඇත.

 



අදහස් (8)

’ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ ලෝක ශූරතාව ලංකාවේ වෛද්‍ය කණ්ඩායමට

අතුල සෞදි Sunday, 22 October 2023 12:48 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට බැන බැන ෆේස්බුක් එකේ පල්හෑලි ලියන මන්ද මානසිකයන්ට හොඳ කණේ පහරක් මේක...!

:       2       18

Anura Nanayakkara Sunday, 22 October 2023 12:52 PM

තෙරුවන් සරණයි...! සතුටු දායක ආරංචියක්...! පේනවද ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළින්, ලංකාවේ විශ්ව විද්‍යාල වලින් බිහිවුණු දොස්තරලාගේ උසස් තත්වය...!

:       2       20

Nimal Sunday, 22 October 2023 01:29 PM

නියමයි දොස්තරවරු....

:       0       18

Dr Jude Jayamaha Sunday, 22 October 2023 02:22 PM

ලංකාවේ වෛද්‍යවරු ලෝකයේ ඕනෑම රටක වෛද්‍යවරු සමග ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ලොකු පිළිගැනීමක් තියෙනවා..

:       0       14

Ajantha Sunday, 22 October 2023 04:50 PM

මේ වගේ මිනිස්සු ඉන්න රටක්...!

:       0       7

Nimal Sunday, 22 October 2023 06:37 PM

කෝ මේ භද්‍රානි කියන කෙනා...? මොකුත් කතා නැද්ද?

:       0       4

වංහුන් Monday, 23 October 2023 12:29 AM

නිමල් එයා මැක්කෝ කඩනවා

:       0       1

Che Sunday, 22 October 2023 09:45 PM

ලංකාවේ වෛද්‍යවරු ලංකාවේ මිනිස්සුන්ට අගේ නැතිවුනාට වෙන රටවල අයට වැදගත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site