IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණලා

(ලක්මි කුඩලිගම) 

ටොනික් මූඩි උපයෝගී කරගනිමින්  විද්‍යුත්   ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ වරකාගොඩ ගොඩපොරහේන ප්‍රදේශයේ පදිංචි  ජෝනා අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලිසිය  පවසයි. 

සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේම පදිංචි ජෝනා නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන 33 හැවිරිදි  අයෙකු බවත් ඔහු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට  ලැබුණු තොරතුරක් මත සිදුකළ  වැටලීමකදී  සැකකරු ඔහුගේ  නිවසේ දීම හෙරොයින් සමඟ  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉතා සූක්ෂම ලෙස  ටොනික් පියන අස්සේ රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ග වල නොයෙක් ස්ථානවල තබමින්  විද්‍යුත්ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවට පොලිසියට අනාවරණය කරගෙන ඇත.

මේ ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව පොලිසියට අනාවරණය කරගෙන තිබේ

 

 

 



අදහස් (0)

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site