
(ඉන්දිකා රාමනායක)
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් කාරි තත්ත්වය ඇති විය.
මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතී.
ඡායාරූප ළහිරු හර්ෂණ



2025 දෙසැම්බර් මස 18
204
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙක්නිකල් හන්දිය අසල උණුසුම් තත්ත්වයක්
ganegoda Wednesday, 02 November 2022 04:51 PM
අරගලයට ජයවේවා...!
මැක්ස්Wednesday, 02 November 2022 05:47 PM
ගනේගොඩ තාම ගෙදර ඉඳන් පුටුවේ වාඩිවෙලා "අරගලයේ" ද? ජේවීපී කට්ටිය නම් තත්වේ තේරුම් අරගෙන හෝ එසේත් නැත්නම් ගෝඨාභය එළවා ගත්තට පස්සේ තමන්ගේ ඩියුටිය ඉවර නිසා හෝ වේවා මේ බොරු උද්ඝෝෂණයට නැහැ.
කිරිපුතා Wednesday, 02 November 2022 05:59 PM
දහසක් ප්‍රශ්න මැද රටට වැඩ කරන ජනතාවට තව තවත් හිරිහැරයක් වෙනවා විනා මේ කුණු ගොඩවල් ටික එකතුවෙලා කරන නාඩගමෙන් වන වෙනත් ඵලයක් නම් නෑ...
Rohana Wednesday, 02 November 2022 06:14 PM
රටම බංකොලොත් කරමින් දරාගන්න බැරි ජීවන වියදමට වගකිවයුතු පාලකයින්ට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීම හැර වෙන කළයුතු දෙයක් නැත. අරගලය ඉදිරියටම...!!!
Rocky Wednesday, 02 November 2022 06:21 PM
පොලිසියට බලතල තිබෙනවාද? සාමකාමී අරගලවලට බාධා කරන්න... මෙය බරපතල ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්... !!!
Bandara Wednesday, 02 November 2022 07:06 PM
සංචාරක ව්‍යාපාරය ගොඩඑන්න පටන් ගත්තා විතරයි. මෙයාලා ආපහු පටන් ගත්තා... රනිල් වගේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඕනෑ රට පාලනය කරන්න. මෙයාලාට දැන් ප්‍රශ්න අඩුවෙන එක ප්‍රශ්නයක්...!
Ran Wednesday, 02 November 2022 09:03 PM
කොහෙද රට ගොඩ ගන්න හදනකොට මේ මෝඩයෝ කඩාකප්පල් කරනවා