IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ටීඑන්ඒ උගුල් වලට හසු වෙන්න එපා යැයි විග්නේෂ්වන් කියයි


(රොමේෂ් මධුෂංඛ)
 
දෙමළ ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බව  හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා කියා පවසයි.
 
ටී.එන්.ඒ උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නැයි ද විග්නේශ්වන් මහතා උතුරේ සෙසු පක්ෂ වලින් ඉල්ලා සිටියේය.
 
විග්නේශ්වරන් මහතා මේ බව කියා සිටියේ ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනය නල්ලූර් මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අවස්ථාවේදීය.
 
මෙම මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබේ.
 
එහිදී අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා කියා සිටියේ
‘‘දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ප්‍රතිපතිති නිසා ඔවුන් සමඟ එකට එක්ව දේශපාලනයේ නිරතවීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩ නැගීම නිසයි. 
 
එම පක්ෂයෙන් ඉවත්වෙන්න තීරණයක් ගත්තේ තම පක්ෂය  ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාමට සූදානම් දෙමළ ජාතික සන්ධානය ඉතාමත්ම යටි කූට්ටු වැඩ පිළිවෙලක් දියත් කරමින් තමන්ව එම පක්ෂයෙන් ඈත් කිරීමට කටයුතු  කළා ඒ වගේම කුමන හේතුවක මතවත් මම මීළගට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට තරග කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන්නේ නැහැ.
 
‘දෙමළ ජාතික සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය මේ දිනවල දැක ගන්න පුලුවන් ඕනෑම අයෙකුට ඔවුන්ගේ උගුලේ හසු නොවී ටී.එම්.කේ. පක්ෂය සමග එකතුවීමට මෙය හොඳ අවස්ථාවක් මේ පක්ෂය යළි කිසිම විටක දෙමළ ජාතික සන්ධානය සමග ගණුදෙනුවක් කරන්නැහැ.
 
 දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමගත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට ගණුදෙණු කිරීමට සූදානම්‘. යනුවෙන් පැවසීය.



අදහස් (0)

ටීඑන්ඒ උගුල් වලට හසු වෙන්න එපා යැයි විග්නේෂ්වන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site