IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජා.ජ.බ ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩිව හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ  උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බව කී මන්ත්‍රීවරයා  පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජයේ  ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බව සඳහන් කළේය.



අදහස් (14)

ජා.ජ.බ ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා

Pankumburage Wednesday, 03 September 2025 11:17 AM

සමාජයනම් බිය වෙලා නැහැ. හොරු ටිකනම් බිය වෙලා.

:       74       64

ගුණරත්න Wednesday, 03 September 2025 02:42 PM

ප්‍රභාකරන් කිව්වා සිංහල අයට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා... කාලෙකට කලින් ජවිපෙ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැබෑ මුහුණුවර පෙන්නපු කාලේ සිදුවීම් දැන් ඉන්න මිනිස්සුන්ට මතක නැහැ. බලය ගන්නකම් අනේ අපි හරි අහිංසකයි කියාගෙන උන්නාට ආණ්ඩුවට විරුද්ධව ඇඟිල්ලක් උස්සා බලන්න උත්තර ලැබෙන හැටි...!

:       43       69

Pradeep Kumara Wednesday, 03 September 2025 11:17 AM

ඔයා වංචා, දූෂණ, මිනී මැරීම් හෝ ඊට අනුබල දීම් කරලා නැත්නම් කලබල නොවී ඉන්න. ඔය දඬුවම් දෙන්නේ ඒ වගේ වැරදි කරපු අයට, නිවැරදි අයට දඬුවම් දෙනවා නම් මුලින්ම පෙරට එන්නේ දූෂණ, වංචා විරෝධී අපි. අනික මේ දඬුවම් දෙන්නේ උසාවි විනිසුරන් මිසක් ජනපති, අගමැති හෝ ඇමතිවරුන් නොවෙයි. වත්මන් පාලනය කරන්නේ ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම සහ දේශපාලන බලපෑම් නොකර සිටීම පමණයි

:       62       50

ගලපර Wednesday, 03 September 2025 11:18 AM

නීතිය ක්‍රියාත්මක කරන්නේ ජාතික ධනය හොරා කෑවා හොරු අල්ලන්න.හොරු අල්ලන එක ප්‍රචණ්ඩත්වයද? මෙයා මුකුත් නොදන්න බබා....හෙට අනිද්දාට ලෑස්ති වෙලා ඉන්න හිර ගෙවල් වල කුරු ගනම් කරන්න.රාජපක්ෂ පවුලම මුළු රටම හොරා කෑවා.අන්තිමට මුළු රටම බංකොලොත් කරලම දැම්මා.මේ කම්බ හොරුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕන.

:       65       41

අරවින්ද මොණරවිල Wednesday, 03 September 2025 11:29 AM

කෙහෙල්බද්දර පද්මේ ඇල්ලුවට පස්සේ මෙයාගේ සිහිය තවත් විකල් වෙලා වගෙයි, මිනිහා දැන් හිතාගෙන ඉන්නවා ඇත්තේ එයා පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කියලා වෙන්න ඇති. වැලිකඩට ගියාම ඕවා හරි යයි මගේ හිතේ !

:       59       54

Perera Wednesday, 03 September 2025 11:48 AM

තමුන්ලාව බුරුතු පිටින් පාර්ලිමේන්තුවෙන් එළවා දැම්මේ රටේ ජනතාවගෙන් විශාල බහුතරයක් තමුන්ලාව හෙළා දැකපු නිසා. ලබන ඡන්දෙ වෙනකොට වත් විනයක් වෙලා, සංවර වෙලා හැදිලා හිටපල්ලා...

:       49       40

සෑම් Wednesday, 03 September 2025 12:00 PM

අම්මට සිරි බයවෙලා තියන තරම, මෙයා දැන් පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා ඔවුන් වෙනුවෙනුත් කතා කරනවා. යට ගහපු නඩුවල විමර්ශන දැන් අවසන් වේගෙන එනවා ඇති...

:       44       41

සිල්වා Wednesday, 03 September 2025 12:07 PM

අලුත් පාලනයක් ඇතිවන කොට ගමේ රටේ අලුත් චණ්ඩි බිහිවීම ස්වභාවිකයි. ඔබතුමන්ලාගේ කාලය තුළත් ඒක සිද්ධ වුණා. තවත් විදිහකට කියනවා නම්, හිටපු කට්ටිය ඇතුලට යනකොට ඒ පුරප්පාඩුව පිරවීමට තවත් පිරිසක් මතුවෙනවා.

:       5       41

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 03 September 2025 12:17 PM

දැඩිව හෙළා දකිනවලු. ඉතිං දැක්කා නම් කටවහගෙන ඉන්නකෝ, බෙරිහන් දෙන්නේ නැතිව...

:       52       32

ගුණරත්න Wednesday, 03 September 2025 02:44 PM

තමුන්නාන්සේ මහා මෝඩයෙක්නේ, හෙලා දකිනවා කියන්නේ දකිනවා කියන එක නොවෙයි. මේ මෝඩ ජවිපෙ දන්නේ පන්ති පහේ උගන්නපු හණමිටි මාක්ස්වාද කතන්දර විතරයි. මූලික සිංහල දැනුමක්වත් නැහැ...

:       29       56

කපුරුහාමි Wednesday, 03 September 2025 01:04 PM

තමුන් හරියට කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ? දූෂිතම පව්ල් පාලනේ අපේ රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා කැළෑ නීතිය රජ කෙරුවේ. ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි ගැන ලෝකෙම දන්නවා.

:       53       36

nobody Wednesday, 03 September 2025 02:06 PM

රටට ඉස්සරහට යන්ඩ දෙන්නැති විදිහ තමයි...

:       36       30

ගමේ එකාලා Wednesday, 03 September 2025 04:18 PM

නමගිය අපරාද කාරයෝ ඇල්ලුවා විතරයි, හොර පෙරකදෝරුවා පරළ වෙලා? පහුගිය දවසක මහනායක හිමිවරු බැහැ දකින්න ගියේත් නිකම් නොවෙයි.

:       39       20

චින්තක Thursday, 04 September 2025 10:13 AM

ඔයා දැන් හොදටෝම බයවෙලා ඉන්නේ , වටේ ඉන්න හාල්පාරුවෝ කොච්චර ඔයාගේ හිත හදන්න හැදුවත් ,කරපු හොරකම් ,මිනීමැරුම් මතක් වෙනකොට හෝස් ගෑවෙනවා නේද බේබිට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site