IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජෝන් කීල්ස් පෝෂණ දිරියට වසරක් සපිරේ

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධාන අංශ තුන යටතේ බහුවිධ අර්බුද ප්‍රතිචාර වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. මෙහි සෞඛ්‍ය හා පෝෂණය අංශය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී ‘පාසල් දිරිය’ නමින් පෝෂණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.

ලෝක ළමා දිනය සැමරීමක් වශයෙන් 2022 ඔක්තෝබර් 3 වැනිදා නිල වශයෙන් දියත් කරන ලද මෙය, පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා දරුවන් දහස් ගණනකට සෙත සැලසූ වැඩසටහනක් විය.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම විසිනි. ජෝන් කීල්ස් සමූහයට අයත් Ceylon Cold Stores (Elephant House), Cinnamon Hotels & Resorts, Jaykay Marketing Service (Keells) සහ John Keells Propertiesයන සමාගම් ඊට සක්‍රීය ලෙස දායක විය.

මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ, හුදෙක් දරුවන්ට පෝෂණීය ආහාර ලබා දීමෙන් නොනැවතී, පාසලට පැමිණීමට ඔවුන් දිරිගැන්වීම, අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඔවුන් යොමු කරවීම සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීමය. එමෙන්ම තම මහජන දායකත්ව අරමුදල් (Crowd Funding) පදනම හරහා පාරිභෝගිකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලබාගැනීමෙන් මෙන්ම, තම ප්‍රධාන හවුල්කරුවකු වන සර්වෝදය ඇතුළු විවිධ හවුල්කරුවන්ගේ සහයෝගය සමගින් ‘Keells ළමා පෝෂණ වැඩසටහන’ තවදුරටත් ශක්තිමත් කිරීමට කීල්ස් සමාගමට හැකියාව ලැබිණි.

ආරම්භයේ සිට මේ දක්වා මෙම පෝෂණ වැඩසටහන නැගෙනහිර, දකුණ සහ බස්නාහිර යන පළාත්වල තෝරාගත් පාසල් 12ක පාසල් හා පෙරපාසල් දරුවන් මෙන්ම මධ්‍යම, උතුරු මැද, වයඹ, සබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වල පෙරපාසල් 34ක දරුවන් 4,187 දෙනකු සඳහා ආහාර වේල් 469,812ක් ලබා දී ඇත.

මීට අමතරව දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර පිළියෙල කිරීම පහසු කිරීම සඳහා පාසල් 10ක නිසි පහසුකම් සහිත මුළුතැන්ගෙවල් ඉදිකිරීම සහ ප්‍රජා උද්‍යාන 31ක් ස්ථාපිත කිරීම ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මේ දක්වා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 52 ඉක්මවයි.

මෙම වැඩසටහන තිරසාර ලෙස පවත්වාගෙන යාම සහ ඉදිරියේදීත් දරුවන්ට අඛණ්ඩව පෝෂ්‍යදායී ආහාර ලැබෙන බව තහවුරු කරගැනීම සඳහා ජෝන් කීල්ස් පදනම මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.

595



අදහස් (1)

ජෝන් කීල්ස් පෝෂණ දිරියට වසරක් සපිරේ

රනේ Sunday, 03 December 2023 10:42 AM

ස්තූතියි!..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site