(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය , වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.
වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට රවුෆ් හකීම් ජීවන් තොණ්ඩවන් පලනි දිගම්බරම් කබීර් හෂීම්, මනෝ ගනේෂන්, ඩීවී චානක, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු හිටපු සහ දැනට පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමති පිරිසක් සමග සාකච්ඡා පැවැත්විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජීඑල් පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා
Asanga Friday, 08 August 2025 08:53 PM
තවත් දේශපාලන අපතයින් සෙට් එකක්...
Perera Saturday, 09 August 2025 01:58 AM
හිරේ නොයා තම ජාමෙ බේරගන්න නයි, මුගටි එක කොටයකට...
Chathuri Saturday, 09 August 2025 06:03 AM
දැන් මොනවා කතා කරන්නද? රටේ ප්‍රශ්න ඉවරයි. මාලිමාවට රට බාර දුන්නා. ජනතාවට සැප ලැබුනා. ගොබ්බයින්ට වැලිකඩ වුණු එක කොයිතරම් ලොකු දෙයක්ද? පැන්ෂන් නැහැ. රක්ෂණයට්ජ් ලෙල්ලටම ගියා. තව මොනවද? දැන් හොරාකපු ටිකත් නැති වෙනවා. නඩු පිට නඩු... ආණ්ඩුව පෙරළන්නද එකතුවෙන්න යන්නේ. හීනයක් පමණයි. නාකි මයිනා ආරක්ෂා කෙරුවේ. ඉස්සර පාර්ලිමේන්තු රැස්වෙලා... අපච්චිට කියනවා. අපිට සැප අඩුයි කියලා. සියළුම ඉල්ලීම් අරගෙන යනවා. ජනතාව කෑගහනවා. බිරි අලියෝ වාගේ හිටියේ. දැන් ජනතාව. ගෙදර පිටින් දමලා මොවුන්ගේ දුක කියනවා.
Saman Dissanayake Saturday, 09 August 2025 10:42 AM
දේශපාලනයට ඇවිත් කරපු දෙයක් නැහැ. 1994 ඉඳන් දේශපාලනයේ ඉන්නවා. ඊට පෙර හොඳ නීති පොත් ලිව්වා. ඒවා අදත් අලවි වෙනවා. මැරෙන්න කලින් තව පොත් ටිකක් ලියන්න. ඔයාට දේශපාලනය ගැලපෙන්නේ නැහැ.