IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

(සුජිත් හේවාජුලිගේ )

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ  දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද  නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ  චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

මෙයට අමතරව  වියදම් වාර්තා භාර නොදුන්  දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව  කුලරත්න  මහතා සඳහන් කළේය.

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය.

ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.

ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු  නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි  චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වියදම් වාර්තා  භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.



අදහස් (2)

ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

Madhuranga Saturday, 18 January 2025 12:23 PM

නොදන්නා කමට අහන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීතී) තනතුරක් තියෙනවා. අහලා තියෙන හැටියට තනතුරු අනුව කොමසාරිස් කියන්නේ නීතිමය කටයුතුද කරන්න පුළුවන් තනතුරක් නේද? එහෙම නම් නඩු පැවරීමට පොලිසියට කියන්නේ මොකටද? (උදාහරණයක් හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, අල්ලස් හෝ දූෂණ අධිකාරියේ නිලධාරි හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරි නඩු පැවරීමට පොලිසියේ පිහිට පතන්නේ නැහැ නේද මේක පැහැදිලි කරන්න)

:       0       12

ranjith Sunday, 19 January 2025 04:25 AM

මෙම ප්‍රකාශවලට නැවත ඡන්දවලට ඉදිරිපත්වීම තහනම් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31303 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site