
(අංජුල මහික වීරරත්න)
ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳ පොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නොමැත. ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණය අනුදේශ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී කාර්යය නිර්ණේය අනුදේශ සඳහාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
මේක නිසා දැනට තිබෙන තීරු බදු, වරාය බදු, රේගු බදු, සුඛෝපභෝගි බදු, හෛබ්රිඩ් බදු, සෙස් බදු, වැට් බදු, හාල් බදු වලට අමතරව තීරු බදු ප්‍රතිපත්ති බද්ද කියලා අලුතෙන් එකක් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ.
භාන්ඩ වලට රෙගු බදු අයකරන්නෙ හිතුමතේටයි. එක් එක් නිලදාරිය සිය හැදුනුම්කම අනුව ගාස්තුව නියම කරනවා. අවසානයේ ගෙවියයුතු මුලු මුදල කියනවා. ඒ නිසා අයකල බදු විස්තරාත්මකව රේගු බදු ගෙවන්නාට සටහන් කොට ලබාදිය යුතුය. එමගින් වෙනත් කෙනෙකුට එම භාන්ඩයටම වෙනත් බදු මුදලක් අයකරන අවස්තාවක ඒ ගැන ප්රශ්න කිරීමට අයිතියක් ලබේ. බදු ගෙවන්නාට තමන්ගෙන් අයකල ගාස්තුව පිලිබන්දව දැනගනිමට අයිතියක් ඇතයි සිතමි.