
(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද එම අවස්ථාව මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදාල ක්‍රීඩකයා සූදානම් වන බව දැනගන්නට තිබේ.
දස්කම් අතර සිටියදී තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් කරුණු පැහැදිලි කිරීම් ගැනීම සඳහා මාස දෙකකට පමණ පෙර අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ දක්වා ඔහු අවස්ථාව ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇති බවත් ඉතාමත් විශ්වාසදායක කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති ඇන්ජලෝ මැතිව්ස් මහතා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් විවේක ගැන්වීමෙන් පසුව සුව අතට පත්වුවද ඔහුව සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර නොමැත.
COMMENTS
ඔය පස්සෙන් එන්නේ කරපු දේවල් තමයි...
දැන් වයස සහ ලෙඩ රොග නිසා මොහුට ක්‍රිකට් ගහන්න බැහැ , නවක ක්‍රිඩකයෙකුට තැන දෙන්න.
මෙයා ටත් තියෙන්නේ අපේ වයසක දෙෂ්පලුවොන්ට තියන් ලෙඩේ තමයි , දාල යන්න අකමැත්ත
මම කැමතිම ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ජාතික කණ්ඩායමේ ඉන්නටම ඕන ක්‍රීඩකයෙක්.