
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2022 .06.27 වෙනි දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බවට තොරතුරක් අනුව තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක් සමග ස්කිපර් වරයෙකු සමග තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදල් විශුද්ධ කරනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.
එම ධීවර යාත්‍රාවේ ස්කිපර් වරයා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයෙන් පසු මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාර ගතව සිටින විධානගමගේ නලින් සුරංග යන අය විසින් ලබාදුන් මුදල් සම්බන්ධයෙන් විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ගේ නමට රාජ්‍ය බැංකුවක 2023 වසරේ අගෝස්තු 28 වෙනිදින රුපියල් එක්කෝටි අසූ තුන් ලක්ෂයක මුදලක් තැන්පත්ව ඇති බවටත් එම මුදල් වෑන් රථයක් අලෙවි කළ මුදල් බවත් එම වෑන් රථය මරණීය දණ්ඩනය ලද නලින් සුරංග යන විසින් ඔහුගේ අනියම් බිරිඳගේ නමට 2017 වසරේදී මිලදී ගත් එකක් බවට අනාවරණය වී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය කුඹුගොඩ ආර මහ පැලැස්ස දකුණ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට